ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
කළු වලාකුළු අපෙන් සඟවනවා ඒ තමයි පැහැදිලි නිල් අහස, මම ඒ කළුවර අහස දිහා බලලා දුක් වුනේ නෑ.. තව ටිකකින් අකුණු ගහල වහීවි වලාකුළු බර අහස දිහා බලලා දුක් නොවන්න උන්වහන්සේ මට උගන්වලා තිබුණා එදාම හවස දරාගෙන ඉන්නම බැරිව පැයගානක් වලාකුළු වැස්ස වෙලා පොළාවට වැටෙන්න පටන් ගත්තා, මහ වැස්සෙන් පස්සේ නිල් අහස දිහා බලල මම සතුටු වුනෙත් නෑ.. තව ටිකකින් කළු වලාකුළු වලින් මුළු අහසම අඳුරු වේවි.. උන්වහන්සේ මට කියල තිබුණා.. ඉන්පස්සේ මම අහස දිහා බැලුව විතරයි. අයිතිකරගන්න ගියේ නෑ... ධම්මධර