Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

නිල්පාට තිත


එදා 1990 පෙබරවාරි 14 දින වොයේජර් යානය මහපොලවේ සිට කි.මි. බිලියන හයක් තරම් දුරක සිට ලබා ගත් ඡායාරූපයකි. දකුණු පස කෙලවරේ ඉතා කුඩා තිතක් සේ පෙනෙන්නේ ඔබේත් මගේත් නවාතැනයි. මේ පින්තූරය දුටු සැනින් කාල් සේගන් නැමති විද්‍යාඥයා මෙ සේ කී ය.

මේ තිතක් සේ පෙනෙන්නේ ඔබේත් මගේත් නිවහනයි. ඒ අපි. අපි ආදරේ කරන හැමෝම එහෙ ඉන්නවා….

“Look again at that dot. That’s here. That’s home. That’s us. On it everyone you love, everyone you know, everyone you ever heard of, every human being who ever was, lived out their lives. The aggregate of our joy and suffering, thousands of confident religions, ideologies, and economic doctrines, every hunter and forager, every hero and coward, every creator and destroyer of civilization, every king and peasant, every young couple in love, every mother and father, hopeful child, inventor and explorer, every teacher of morals, every corrupt politician, every “superstar,” every “supreme leader,” every saint and sinner in the history of our species lived there–on a mote of dust suspended in a sunbeam.The Earth is a very small stage in a vast cosmic arena. Think of the rivers of blood spilled by all those generals and emperors so that, in glory and triumph, they could become the momentary masters of a fraction of a dot. Think of the endless cruelties visited by the inhabitants of one corner of this pixel on the scarcely distinguishable inhabitants of some other corner, how frequent their misunderstandings, how eager they are to kill one another, how fervent their hatreds.Our posturings, our imagined self-importance, the delusion that we have some privileged position in the Universe, are challenged by this point of pale light. Our planet is a lonely speck in the great enveloping cosmic dark. In our obscurity, in all this vastness, there is no hint that help will come from elsewhere to save us from ourselves.The Earth is the only world known so far to harbor life. There is nowhere else, at least in the near future, to which our species could migrate. Visit, yes. Settle, not yet. Like it or not, for the moment the Earth is where we make our stand.It has been said that astronomy is a humbling and character-building experience. There is perhaps no better demonstration of the folly of human conceits than this distant image of our tiny world. To me, it underscores our responsibility to deal more kindly with one another, and to preserve and cherish the pale blue dot, the only home we’ve ever known”.

— Carl Sagan, Pale Blue Dot, 1994

Comments

Popular posts from this blog

ඔහු ඉවසිලිවන්තයි..

  මාව සොයාගෙන කෙනෙක් ඇවිත්  ඒත් මම දැනගෙන හිටියේ නෑ  ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල  මාත් එක්ක තේ බීලා, ඔහුට මා හමු වුණාට  මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ  ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට  මා සොයා ඔහු එන බවක් මා විශ්වාස කළේ නෑ,  එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා  මම ඔහු ගැන අමතක කර දැම්මේ  ඇයිද කියා හෝ මට මතකයක් නෑ  මගේ ඇස්..  ඒ තරම් ම විසිතුරු ලෝකයක  මාව අතරමං කළා..  හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ  ඔහු සැඟවෙලා ඉඳලා  ඒ නිසයි ඒවා එතරම් ලස්සන  ඔහුට එන්න තියෙන පාරවල්  සේරම වහල, මම මගේ ලෝකේ  වර්ණවත් කළා.. ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න  උත්සාහ කරලා නෑ.. මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න  ඔහු ඉවසිලිවන්තයි.. ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්  ඉදිරියෙන් ඉඳල, මගේ සියලු ජයග් ‍ රහණවල අයිති කරු ඔහු.. හැම විටම ඒ ජයග් ‍ රහණවල පරාජිතයා මම..  මම හිනාවුණ හැම මොහොතකම  ඔහු අඬන්න ඇති, මම හඬාවැටුණ හෑම දවසකම  ඔහු හිනා වෙන්න ඇති.. ඔහුගේ එම භාෂාව  අපව සැණෙකින් නවතා දමනවා.. ඔහුගේ හමුවීම  ඔහ...

සීමාව

භෞතික ලෝකය තුළ  හැමදේකටම සීමාවක් පවතිනවා.  එහෙත් අපට අවශ් ‍ ය ඒ සීමාවෙන් එහා ස්පර්ශ කරන්න.. ඒ නිසා අපි වෙනස් කරල බලනවා පාට කරල බලනව.. අපි උත්සාහ කරන්නෙ  හැමදේම තියාගෙන සීමාව  අතික් ‍ රමණය කරන්න. එතන තමයි අපි  සතුට තියෙනවා කියල  හිතාගෙන ඉන්නෙ.. එහෙත් එතනට යන්න භෞතිකයම අපට හරස් වෙනවා, මිනිස්සු වයසට යනවා,  කාලයත් එක්ක හැමදේම  දුර්වල වෙන්න පටන් ගන්නවා,  එකතු කරගත්ත දේවල් දිරල යනවා.. ඒ කියන්නෙ මිනිසුන්ට භෞතික දේවල් අතික් ‍ රමණය කරල ඉවරයක් දකින්න වෙන්නෑ සතුටු වෙන්නත් බෑ.. කොහේ හෝ තැනකදී හිතින්ම අතහැරලා දාන්න  සිද්ධ වෙනවා.. අපි අපිම හිතට දාගත්ත සීමාව  තේරෙන්න පටන් ගත්තම තමයි භෞතික සීමාව අතික් ‍ රමණය වෙන්නෙ. එතන තමයි ගැලවීම පවතින්නෙ.. එතනදී මිනිස්සුන්ට ඇත්තටම හිනාවෙන්න පුළුවන්.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

තනිකම හැරදා

උදේම කා බී, මඩ කමිසය හැද,  මඩ සරම කැහිපොට ගහගත් ඔහු  උදැල්ල උරමත තුළිත කරගත් වනම  වක් පිහියද අනෙක් අතින් ගෙන,  සුරුට්ටුවක් බීගෙනම  කුඹුරට ගියේය.  අප්පච්චි ගිය ගමන් අහල පහළ  ගසකට නැඟගත් මම  මිඳුලට බර කොළ අතු කඩා දමමින්  අම්මගේ පුරුදු ගෝරනාඩුවට  ආරම්භය ලබා දුන්නෙමි.  ගහෙන් බහින තුරු අහවරක් නොවන කියවීම  කනකට නොගන්නා මම, අප්පච්චි එනතුරුම ගෙදර රජා වීමි..  ගස් බඩගෑ නිසාවෙන්ම,  හතර හංදිය ඉරී ගිය කලිසම නිසා  අක්කාගේ උසුළු විසුළු නොයිවසන මම,  ඇගේ කොන්ඩෙන් ඇද අරඹන පොරය නිසා  අප්පච්චි පැමිණිවිට මා වරදකරු වන්නේ  නඩු විභාගයකින් තොරවමය. හොඳ හැටි ගුටි කා නමුත්  නොහඬා රැකගත් ආත්ම ගෞරවය  ලොකු අක්කාගේ අනුකම්පාව නිසාම  කඳුළු කොට බිම හලන්නේ  මහත් වේදනාවකිනි.  හැඬීම අවසන් කොට  හිතේ තරහ අකමැත්තෙන් නමුත් නිවාගන්නා මම  යළිත් පණ ලබන්නේ මහ වැස්සකින් පසු  තුරුපත් හිනැහෙන්නා සේය. ඉක්බිතිව තනිකමට ඇලුම්කරන මම  වත්තෙහි එහෙ මෙහෙ ඇවිදිමින් හිඳ  ඉතාම නිහඬ පිළිවෙතක් ඔස්සේ  යළිත්...