ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
එක පොදියට,
බය දැනුන විගස
දුවන්නේ තනියම,
අතරමඟ හැරෙන්නේ
පෙර මතකෙට,
මිනිස්සු මියැදෙන්නේ
බැඳීම් ගිලගෙන
ඇවිලෙන්නේ ගින්දර
හිත්වල තනියම,
දරන්න බැරි නිසාම
විසංයෝගය
සිහිනයක් නිසාම
මවාන විඳින්න හදන,
ඔබ මවිත වේවි
මහපොළවට පය තිබ්බාම..
අවංකව,
ගැලවීම අවැසි සිතකට
අකමැතිම දේ දුටුවම,
අකමැතිම දේ ඇසුවම,
දොරටුව විවෘතය
ගිම්හානෙන් වසන්තයට..
ධම්මධර
Comments
Post a Comment