ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අජීවී පිළිමයක් කරා ඇදෙන
සුවහසක් බැතිමතුන්ගේ
දෑතෙහි රැඳුණු සෑම මලකම
සැඟවුණු ප්රාර්තනා සහ
යාතිකාවන් දෙස
මදහසින් බලන
ගල් පිලිමය
උන්ට දෙන නිහඬ අරුතෙහි
හඬ අවදි කරන පණැති මිනිසා
ඔබව,
සැනසීම කරා යාත්රා කරවන්නේ,
හිමිවීම් තුළ සැණහුනු මිනිසුන්
අහිමිවීම් තුළ රිදවමිනි,
හමුවීම් තුළ සිනහ වූ මිනිසුන්
සමුගැනීම් තුළ හඬවමිනි...
සුවය තුළ මිහිර වින්දවුන් හට
වේදනාවේ අමිහිරද කියා දෙමින් ය..
එක් පසෙක සැනසීම පමණක්ම
ජීවිතය ලෙස දකින මිනිසුන්ට
අනෙක් පසද පෙන්වන්නට
ගුරුවරයා සෑම මොහොතකම
ඔබේ ප්රතිවිරුද්ධ අන්තයෙහි
වැඩ සිටියි..
මේ ජීවිතයෙහි සැබෑව දකිනු වස්
ගුරුවරයා කෙරේ
ඇතිකරගත් භක්තිය නිසාවෙන්ම
හමුවීම සහ සමුගැනීම යන
දෙපසම දැක
ඇතිකර ගත් මැදහත් සිත හා
එක් වූ ගුරු භක්තිය..
සංසාර සාගරය තරණය උදෙසා
මග පෙන්වයි..
ධම්මධර
Comments
Post a Comment