ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
ඉවරයක් නැති,
මේ සංසාර ගමන තුළ
හැම මිනිසෙකුටම
ජීවිතය ගැන දෙතුන් පාරක්
සිතන්න, අවස්ථාව උදා කරනවා..
බැඳීම් වලින් අන්ධකාර වූ
ජීවිතය සමඟින්,
ආගම නමැති සංස්කෘතික
සීමාවට කොටුවී සිටින මිනිසුන්ගේ
හදවතට කතාකරන අසංස්කෘතික
බුද්ධ වචනය
මනස අවධි කරගැනීම සඳහා
උත්තේජනය සපයනවා..
දුර්වලතාවයන් නිසාම
සිහිනයක් තුළ අතරමං වූ සත්වයා
අවධි වන්නේ
සිහිනය තුළ වන ගඳ සුවඳ,
කළු සුදු සහ එළිය අඳුර ලෙස
ඔබට පෙනෙන, ඇසෙන
මායාව ප්රත්යක්ෂ වූ විටයි..
ලාභ කීර්ති ප්රසංසා වෙනුවෙන්
මන බඳින පුහුදුන් සිතට
සංයෝගයෙහි අපරිපූර්ණ අද්දැකීම
පරිපූර්ණ එකක් කරමින්
විසංයෝගය තුළ සඟවාගත් ප්රත්යක්ෂය
රැගෙන එන ගුරුවරයා
ඔබට සියලු
යහපත උදාකරන්නේය...
ධම්මධර
Comments
Post a Comment