ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
නවත්තන්න වුණොත්,
නවත්තන්නම සිද්ධ වුණ තැන
අවසානය කියල
පිළිගන්න වෙනවා
ඒ කියන්නේ
යමක් පටන් ගන්නකොට
එහි අවසානයක සිතුවම
අපේ හිත්වල ඇඳිලා ඉවරයි
හිතේ ඇඳපු සිතුවම
කොලේකට ගන්න ගියාම
පැන්සලේ උල කැඩෙන්න පුළුවන්
ඕනවට වඩා මකන්න ගියාම
තියන එකම කොලේ හම ගිහින්
ඉරිලා යන්නත් පුළුවන්..
කලබලයක් නැතුව අඳින්න
සංසුන්ව අඳින්න..
සිහි ඇතිව මකන්න
ආයේ ඉවසීමෙන් අඳින්න
කොලේ ඉරෙන්න කලින්
ගහන අවසන් පැන්සල් ඉර
මේක වෙන්න පුළුවන් බව
හිතට කියල තියන්න..
එතකොට හිත කියයි
මහා ලොකු චිත්ර ඕන නෑ
හදිසියක් නැතිව පැන්සල් ඉර
ගහපං කියල.
එතකොට,
ඒක තමයි අවසාන සිතුවම..
ඒ තමයි,
කළුවර අහසට හඳ නැඟුණ
"මොහොත"
විවේකීව ජීවිතය දකින දවස
හදිස්සියේ අපි අවසානයට දුවනවා
අවසානය මග නතරවෙලා ඉන්නවා
ඒක අවසානය කියල
හිත පිළිගන්න කැමති නැ.
ඉතිං...
ආයේ ඇවිත් , අපි අවසානයට
හදිස්සියේ දුවනවා...
ධම්මධර
Comments
Post a Comment