ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
හැඟුම්බර, ලයාන්විත
මිහිරි ලෝකය
කෙලෙස නම් මායාවක් වන්නද?
නමුත්,
ඔබව සන්තර්පණය කළ
දහසක් තෙපුල් අවසානයේ
දෙඩුම් නැති ගොළු වීම නම් වූ යතාර්ථය
වචන වලින් ඔබ්බෙහි වූ යමක්
ඔබේ අධ්‍යාත්මයට එක්කරයි..
අපරභාගයෙහි
රත් පැහැය අඩු වැඩියෙන්
මේකුළක තැවරුණ රිවිකිරණ
ගැහෙන රළ මත මුසුවෙමින්
මවන සුසංයෝගය
දුරක වන තාක් අපූර්ව කවියකි
අමිල සිතුවමකි..
ලං නොවී ඈත සිට
බැඳුනු මායාවට
ලංවෙලා බලන සඳ
කවි සිංදු
හැඟුම්බර තෙපුල් නැත,
තත් සිඳී ගිය විණාව ඇත
අන්ධකාරය වෙළාගත්
නිහැඬියාව මැද...
දිවයුරු ළඟ දැවෙන ගින්නෙහි මෙන්ම,
දිය යට සැඟව ඇති
දරුණු යථාර්තය
ඔබට තේරුම් කරන්නේ
හිතක් පපුවක් තෙතමනයක් නැති
ධර්මිෂ්ඨ මිනිසෙකි..
ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න
භක්තියෙන් අදහන්න
ඔහු..
ඔබ ප්‍රර්ථනා කළ සැනසීම
ඔබේ පා මුළට රැගෙන ඒවි..
එවිට,
ඔබට හිමි වූ සියල්ල
ඔබ ආදරය කළ හිරුගේ උණුසුමින් දැවෙන අතර
ඔබ කවි ලිවූ දිය රළ අතර සැඟව යනු ඇත.
ධම්මධර
Comments
Post a Comment