ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
සාපය ඔබ වෙත පැමිණෙන්නේ
ඔබේ උදව් ඇතිවය...
යමක් මිලට ගැනීම සඳහා
වෙළඳ පොළට යන ඔබට
හිතකර අහිතකර දෑ අතර
තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා
පූර්ණ අයිතිය ඔබ සතුය..
අහිතකර දෑ මිලට ගැනීම
ඔබේ නොදැනුවත්කම හෝ
තමන් නිවැරදි යයි යන පූර්ව නිගමනය
නිසා සිදු වන්නකි..
ඔබේ නොදැනුවත්කම නිසා
ඔබ නිෂ්පාදකයින්ගේ
දුර්වලතාවය මිලටගෙන ඇත..
එසේම යමෙක් ඔබට
සාප කරයිනම් හෝ
වෛර කරයි නම් හෝ කියා
ඔබට වේදනා දැනේ නම්
ඔබ, ඔබේ නොදැනුවත්කම නිසා
ඔවුන්ගේ දුර්වලතාවය
මිලට ගෙන ඇත
ධම්මධර
Comments
Post a Comment