ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
සල්ලි නැතුව ගොඩක් කල්පනා කරා,
මටම කියල එකක් ගන්න විදියක් ගැන ගොඩක් හීන දැක්ක.
මට සතුටක් තිබ්බේ ඒක මගේම වෙනවට..
එත් මම හිතුවේ නෑ. මගේම වෙනවා කියල ඔප්පු කරන්න
ලැබෙන සාක්ෂිය මොකද්ද කියල,
ඇත්තටම මගේම එකක් මට කවදාවත් ලැබුණේ නෑ..
අනුන්ගේ ඒවා නම් මට ඕන තරම් ලැබුණා පාවිච්චි කරන්න,
IT lab එකේ රෑ හත අට වෙනකල් මට අවස්ථාව තිබ්බා..
ඒත් මටම එකක් නැති නිසා මම තෘප්තිමත් උනේ නැ..
අද වෙනතුරුත් මටම කියල ලැප් එකක් නෑ
ඒ වුනාට මට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්
කම්පියුටර් පහක් විතර තියෙනවා..
ඉස්සර වගේම..
ඒත් ඒ එකක්වත් මගේ නෙමෙයි.
මට අයිතියක් නෑ..
මට අයිතියි කියල පෙන්වන්න සක්ෂියකුත් නෑ..
පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ
ඉතිං ඒ ඇතිනේ..
පහක් තිබ්බත් එක වෙලාවකට
කොහොමත් එකයි පාවිච්චි කරන්න වෙන්නේ..
කිසිම දෙයක් තමන්ට අයිතියි කියල ඔප්පුකරන්න
මේ මුළු ජීවිතේම කොල කෑල්ලකට එහා දෙයක් හමුවෙන්නේ නෑ,
කොලේ දිහා බලලා සන්තෝෂ වෙන්න යන්න එපා
අයිතිවාසිකම අපි හිතින් මවාගත්ත එකක්..
ඒක වෙනස් වෙනවා,
මවාගත්ත එකකට සතුටු වෙන එක ප්රායෝගික ද🤔🤔
ඒ නිසා සතුටින් පාවිච්චි කරන්න
සතුටින් හැරයන්න…
ඒක කරන්න පුළුවන් කතාව තේරුම්ගත්ත කෙනෙක්ට විතරයි!
ධම්මධර
Comments
Post a Comment