Skip to main content

Posts

Showing posts from April, 2022

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

සමුගැනීම

කී දෙනෙක් අපිට හමුවෙනවද,  මේ මහපොළව මත.. මේ තාක් ගෙදරදි,  ඉස්කෝලේදි,  මගතොටදී  දහස් ගනනක් මිනිස්සු අපිට මුණගැහිල ඇති,  ඒ හමුවුණ වෙලාවේ  සිනහ වුණ මිනිස්සු  වෙන් වෙලා යනකොට කොච්චර නම් හඬන්න ඇතිද?  ඒ තමයි යළි හමුවීමේ බලාපොරොත්තුව... හමුවෙනකොටත්,  වෙන් වෙලා යනකොටත්  සිනහවකින්ම සමුගන්න  පුලුවන් නම්,  මිනිස්සුන්ගේ ඇස්වල  කඳුළු තියෙන්න විදියක් නෑ.. අපට හමුවෙන්නෙ අලුත් මිනිස්සු,  අලුත් තැන්,  ඒ අළුත් සිතුවිලි... අපේ හිත්වල පරණ වෙනකොට  සමුගැනීම කියන්නේ විලාපයක්.. කාලයත් එක්ක බොහෝ දේවල් අපෙන් සමුගන්නවා,   ඒකට ඉඩදෙන්න.. ඒකයි කියන්නෙ සෑම හමුවීමක්ම,  සමුගැනීමේ ආරම්භයක්.. #DDhara #spiritual ධම්මධර

පිස්සෙක්

හැම කෙනෙක්ම  තමන්ගේ ජීවිතය නඩත්තු කරනවා,  කවනවා,පොවනවා, නාවනවා.. ඒ විතරක් නෙමෙයි යාළු මිත්‍රකම් වගේම අමනාපකම් එහෙමත් නඩත්තු කරගන්නවා, හොඳ දේවල්ම හොයාගෙන යනවා .. තමන්ටම  ආදරය කරගන්නවා.. ඇත්තටම කිව්වොත් තමන් තමන්ටම  වැඳගෙන තමයි මුළු ජීවිතේම ඉන්නේ.. ඒක මිනිස්සු අවංකව දකින්න කැමති නැ.. එයාලා කියන්නේ  එයාලා ආදරය කරන්නේ එයාලගේ ළමයින්ට කියල, එයාලා පෝෂණය කරන්නේ එයාලගේ දෙමාපියන් කියල,  අනිත් අයට සලකන්නේ තමන්ගේ කමට කියල, ඒත් ඔවුන්ට තේරෙන්නේ නෑ ඒ හැම තැනකම  මගේ කියල කොටසක්,  එයාලගේ කියල කොටසක්  නඩත්තු වෙනවා.. උන්වහන්සේ ඒ සීමාව අතික්‍රමණය කළා, විවිධ තරාතිරමේ මිනිස්සුන්ට  උන්වහන්සේගේ අවබෝධයේ පණිවිඩය  උන්වහන්සේ රැගෙන ගියා.. එතන ජාති බේද තිබුණේ නෑ,  ආගම් තිබුණේ නෑ.. උන්වහන්සේ.. තමන්ට කරන වැඳ ගැනිල්ල අවසන් කළා.. නඩත්තු කළ බන්ධන සියල්ල ඇත හැරියා.. සදාකාලයටම.. එය පිළිමයකින් සංකේතවත් කළා.. එදා ඉඳල මුළු ජීවිතේම තමන්ටම, තමන්ගේ බන්ධන වලටම, වැඳගෙන ඉන්න මිනිස්සු, ආවතේව කරන මිනිස්සු, උන්වහන්සේට කිව්වා... තමන්ගේ පිළිමයක් හදාගෙන  තමන්ටම වැඳගන්න පිස්සෙක් කියලා.. #DDhara #spiritual #samanthabhadra ධම්මධර

පිස්සෙක්

හැම කෙනෙක්ම  තමන්ගේ ජීවිතය නඩත්තු කරනවා,  කවනවා,පොවනවා, නාවනවා.. ඒ විතරක් නෙමෙයි යාළු මිත්‍රකම් වගේම අමනාපකම් එහෙමත් නඩත්තු කරගන්නවා, හොඳ දේවල්ම හොයාගෙන යනවා .. තමන්ටම  ආදරය කරගන්නවා.. ඇත්තටම කිව්වොත් තමන් තමන්ටම  වැඳගෙන තමයි මුළු ජීවිතේම ඉන්නේ.. ඒක මිනිස්සු අවංකව දකින්න කැමති නැ.. එයාලා කියන්නේ  එයාලා ආදරය කරන්නේ එයාලගේ ළමයින්ට කියල, එයාලා පෝෂණය කරන්නේ එයාලගේ දෙමාපියන් කියල,  අනිත් අයට සලකන්නේ තමන්ගේ කමට කියල, ඒත් ඔවුන්ට තේරෙන්නේ නෑ ඒ හැම තැනකම  මගේ කියල කොටසක්,  එයාලගේ කියල කොටසක්  නඩත්තු වෙනවා.. උන්වහන්සේ ඒ සීමාව අතික්‍රමණය කළා, විවිධ තරාතිරමේ මිනිස්සුන්ට  උන්වහන්සේගේ අවබෝධයේ පණිවිඩය  උන්වහන්සේ රැගෙන ගියා.. එතන ජාති බේද තිබුණේ නෑ,  ආගම් තිබුණේ නෑ.. උන්වහන්සේ.. තමන්ට කරන වැඳ ගැනිල්ල අවසන් කළා.. නඩත්තු කළ බන්ධන සියල්ල ඇත හැරියා.. සදාකාලයටම.. එය පිළිමයකින් සංකේතවත් කළා.. එදා ඉඳල මුළු ජීවිතේම තමන්ටම, තමන්ගේ බන්ධන වලටම, වැඳගෙන ඉන්න මිනිස්සු, ආවතේව කරන මිනිස්සු, උන්වහන්සේට කිව්වා... තමන්ගේ පිළිමයක් හදාගෙන  තමන්ටම වැඳගන්න පිස්සෙක් කියලා.. #DDhara #spiritual #samanthabhadra ධම්මධර

තේරුම්ගැනීම

බලන් ඉන්න කාලේ හරි දිගුයි.. මුණගැහුනම කාලය දුවන්නේ හරි වේගෙන්.. මොකද එතන තිබ්බේ සතුට.. හදිස්සිය, අකැමත්තත් එක්ක කාලය දීර්ඝ වෙනවා  සතුට, බලාපොරොත්තු ඉටුවීම සහ නිදහස  කාලයේ දැනීම අවම කරවනවා.. සතුට උපරිම වෙන දවස  කාලයෙන් අපි ඉවත් වෙනවා... සතුට, අසතුට ඇතුලේ අපිට කාලය තේරෙනවා  ඒ තේරෙන කාලය අස්සේ  අපි හොඳ නරක වෙන් කරගෙන  කාලයේ දැනීම අවම කරගෙන  ජිවත්වන ක්‍රමයක් සොයනවා.. එතැනදී අපට අරගල කරන්න වෙනවා  හොඳම දේ සොයාගන්න.. එතැනදී හොඳම කාලය  අපෙන් ගිලිහියනවා. ජීවිතේට බාධා ගොඩයි  කොච්චර සතුට ආවත් කාලය  අපිව ආයෙත් ගිලගන්නවා.. පරණ දේවල් අවුස්සන්න  හොඳම වෙලාව එනකල්  සිත බලාගෙන ඉන්නවා.. අපි සතුටු වෙන විදිය වැරදියි   ලැබුනම සතුටු වෙනවා  කියන්නේ කාලය මවපු උඟුලක්  ඒකට හසු වුනාම අහිමිවීමේ  වේදනාවට උත්තර ඉල්ලන්න  වෙන්නෙත් කාලයෙන්.. කාලෙන් කාලෙට, කාලය අපිට ගොඩක් දේවල් මවල දෙනවා, ලස්සන, රස, සතුට, හිමිවීම ඒ අතර තියනවා. ඒ දේවල් වලට ආස කරන අපිට  කාලය විසින් ඒවා ලබා දෙන අතරේ  කැත, නීරස, අහිමිවීම සඟවාගෙන සිටිනවා... ඇත්තටම කාලය කියන්නේ මායාවක්.. තේරුම් ගත්ත කෙනෙක්ට අද්දැකීමක්.. තේරුම් නොගත් කෙනෙකුට  බලාපොරොත්තුවක්..!...

සදාකාලික නිද්‍රාව

පොරොන්දු ගොන්නක් එක්ක ජීවිතයට හමාගෙන ආපු වසන්තය අස්සෙ මොහොතකට හරි සංතර්පණය වෙලා ඊළඟට තියෙන අවිනිශ්චිතබව ඈතින් තියන්න හැමෝගෙම ළඟ වැඳ වැටෙන අසරණ ජීවිතයට නැවතීමේ තිත තියන්න අවශ්‍යයි... පිටතින් දැක හිතින් මවාගත් ෆැන්ටසි ලෝක ආශ්වාදජනකයි කියන එක, අපේ ඇබ්බැහියක්... සුව නින්දක් නැති කැඩීගිය සයනයක අඩ නින්දෙන් පෙනෙන සිහිනයේ ආශ්වාදය මිනිසුන්ට උත්තේජනය සපයනවා අවදිනොවී සිටින්නට... එහෙත්, උත්සාහ කරන්න අවධි වන්නට, දරාගත නොහැකි සතුට වගේම කුරිරු වූ වේදනාව ඔබට උගන්වනව, හීන වලට සිර නොවී සදාකාලයටම නිද්‍රාවට පත්වන්න... #DDhara #Spiritual ධම්මධර

අරගලය

විපතකට එරෙහිව ඇසෙන  වේදනාබර සාපය නොඇසෙන  මහ ගල් පර්වත දියකර හරින  සංවේදී මිනිසුන්ගේ  හදවතේ දරාගැනීම.. ලෝකෝත්තර ගමනකට  කෑම සොයන්නෝ කන් වසා, දෑස් පියාගන්නා අතර  මේ අලුත් අවුරුද්දේ.. හඬන දරුවන් සනසනු නොහැකි දාරක සෙනේහෙන් දෑස තෙත් වූ පියවරුන්  අදින්නාදානා පිටුදකින්නට  වරක් නොසිතති.. එවන් සමයක  එකම හඬකට යා වන  යොවුන් අත් වැල් එකට බැඳගෙන  අපේ බලයෙන්, උන් තැනූ විලංගුව  අපට නොව දැන්  තොපි හටම  වලංගුය  හැරපියා කුලගොතුත්  විනකෙරූ ආගමත්, බිය නොවී උණ්ඩයට  යදම් බිඳ පෙරට යන  යෞවනේ ගැටව් හට  වේවා සුබ නවසරක්   රුපුන් දණ බිම හොවන..🙏 #DDhara ධම්මධර

ස්ව්‍යං විවේචනය

අවිනිශ්චිතව අපි හමුවීමු අවිනිශ්චිතව අපි සිනාසුනෙමු අවිනිශ්චිතව අපි කතාකළෙමු අවිනිශ්චිතව අපි වෙන්ව ගියෙමු අවිනිශ්චිත මීළඟ මොහොත  කාගේත් සුව බලාපොරොත්තුවයි.. එහෙත් එය ඔබට අයිති නැත ඔබ දැන් සිටින්නෙ  ගෙවුණු මොහොතට කළින් තිබූ අවිනිශ්චිත බව ජීවිතය කොටගෙනය.. එය ඔබේ මොහොතක ආශ්වාදයයි...,  මොහොතක ආදීනවයෙන් මැකීයන මොහොතක ආශ්වාදයෙන් ඔබ්බෙහි වූ නිස්සරණය  මොහොතකට කොටුකළ නොහැක.. නිශ්චිතව ඔබට යමක් දැකිය නොහැකිය ඇසිය නොහැකි සේම... නිශ්චිතව වින්දනය කළ නොහැකිය. නිශ්චිතව යමක් පිළිබඳ විනිස්චය කරන ඔබම විනිස්චයට භාජනය වනු ඇත.. ස්වයං විනිශ්චය ස්වර්ගයේ සෝපානයයි දිනපතාම විනිස්චයට භාජනය වන්න. හදවත ඔබේ උසාවිය නඩු අසන දින ඔබ, විත්තිකරු නොවි සාක්ශිකරු වන්න... ✍️✍️✍️ #DDhara #spiritual ධම්මධර

කතාව

මං  කතාවක්  ලියන්න පටන් ගන්නව, ඒකේ තියන චරිත ඔබටත් දෙනවා,  අධ්‍යක්ෂණය, නිෂ්පාදනය  හැමදේම කරන්නෙ මම. ඔබේ කැමත්ත අකමැත්ත මට අදාල නෑ,  මව, සහෝදරිය, සැමියා,  පෙම්වතා, පෙම්වතිය ණය කාරයා, අල්ලපු ගෙදර මනුස්සයා ඒ ඒ චරිතයට අනුව  මම ගෙවීම් කරනවා,  හැබැයි රුපියල් නෙමෙයි,  ආදරය, කරුණාව, ලෙන්ග්තුකම වෛරය, ඉරිසියාව තමයි  මගේ මුදල්.. ඇත්තටම අපි අපේ කතාව අධ්‍යක්ෂණය කරන ගමන්  අපේ කතාවේ සමහර චරිත එක්ක පෑහිලා බලනවා,  එතන මගේ කතාව  අහගෙන ඉන්න භූමිකාව  දිගට කරගෙන යන්න  කවුරුත් නෑ කියල කාලයක් යනකොට   තේරෙනවා,  මොකද එයාලත් එයාලගෙ  කතාව ලියනවා, එයාලත්  අධ්‍යක්ෂණය කරනවා.. මම හිතුව මේ කතාව ලියන්නෙ  මම විතරක් කියල,  බලන් යද්දි මමත් චරිත් ගොඩක්  කතා දහස් ගානක දැන් මම මගේ කතාව කියන එක පැත්තකින් තියල  එයාලගෙ කතාව අහනව,  ඒ කතාව බලනව. එතකොට මගේ කතාව  අවසන් වෙනව.   අපි,  කතා ලියන, කතා හදන, කතාවල චරිත.. ✍️✍️✍️ #DDhara #spiritual ධම්මධර