ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
මං කතාවක්
ලියන්න පටන් ගන්නව,
ඒකේ තියන චරිත ඔබටත් දෙනවා,
අධ්‍යක්ෂණය, නිෂ්පාදනය
හැමදේම කරන්නෙ මම.
ඔබේ කැමත්ත අකමැත්ත මට අදාල නෑ,
මව, සහෝදරිය, සැමියා,
පෙම්වතා, පෙම්වතිය
ණය කාරයා, අල්ලපු ගෙදර මනුස්සයා
ඒ ඒ චරිතයට අනුව
මම ගෙවීම් කරනවා,
හැබැයි රුපියල් නෙමෙයි,
ආදරය, කරුණාව, ලෙන්ග්තුකම
වෛරය, ඉරිසියාව තමයි
මගේ මුදල්..
ඇත්තටම අපි අපේ කතාව
අධ්‍යක්ෂණය කරන ගමන්
අපේ කතාවේ
සමහර චරිත එක්ක
පෑහිලා බලනවා,
එතන මගේ කතාව
අහගෙන ඉන්න භූමිකාව
දිගට කරගෙන යන්න
කවුරුත් නෑ කියල
කාලයක් යනකොට
තේරෙනවා,
මොකද
එයාලත් එයාලගෙ
කතාව ලියනවා,
එයාලත්
අධ්‍යක්ෂණය කරනවා..
මම හිතුව මේ කතාව ලියන්නෙ
මම විතරක් කියල,
බලන් යද්දි මමත් චරිත් ගොඩක්
කතා දහස් ගානක
දැන් මම මගේ කතාව
කියන එක පැත්තකින් තියල
එයාලගෙ කතාව අහනව,
ඒ කතාව බලනව.
එතකොට මගේ කතාව
අවසන් වෙනව.
අපි,
කතා ලියන,
කතා හදන,
කතාවල චරිත..
✍️✍️✍️
#DDhara #spiritual
ධම්මධර
Comments
Post a Comment