ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
බලන් ඉන්න කාලේ හරි දිගුයි..
මුණගැහුනම කාලය දුවන්නේ හරි වේගෙන්..
මොකද එතන තිබ්බේ සතුට..
හදිස්සිය, අකැමත්තත් එක්ක කාලය දීර්ඝ වෙනවා
සතුට, බලාපොරොත්තු ඉටුවීම සහ නිදහස
කාලයේ දැනීම අවම කරවනවා..
සතුට උපරිම වෙන දවස
කාලයෙන් අපි ඉවත් වෙනවා...
සතුට, අසතුට ඇතුලේ අපිට කාලය තේරෙනවා
ඒ තේරෙන කාලය අස්සේ
අපි හොඳ නරක වෙන් කරගෙන
කාලයේ දැනීම අවම කරගෙන
ජිවත්වන ක්රමයක් සොයනවා..
එතැනදී අපට අරගල කරන්න වෙනවා
හොඳම දේ සොයාගන්න..
එතැනදී හොඳම කාලය
අපෙන් ගිලිහියනවා.
ජීවිතේට බාධා ගොඩයි
කොච්චර සතුට ආවත් කාලය
අපිව ආයෙත් ගිලගන්නවා..
පරණ දේවල් අවුස්සන්න
හොඳම වෙලාව එනකල්
සිත බලාගෙන ඉන්නවා..
අපි සතුටු වෙන විදිය වැරදියි
ලැබුනම සතුටු වෙනවා
කියන්නේ කාලය මවපු උඟුලක්
ඒකට හසු වුනාම අහිමිවීමේ
වේදනාවට උත්තර ඉල්ලන්න
වෙන්නෙත් කාලයෙන්..
කාලෙන් කාලෙට,
කාලය අපිට ගොඩක් දේවල් මවල දෙනවා,
ලස්සන, රස, සතුට, හිමිවීම ඒ අතර තියනවා.
ඒ දේවල් වලට ආස කරන අපිට
කාලය විසින් ඒවා ලබා දෙන අතරේ
කැත, නීරස, අහිමිවීම සඟවාගෙන සිටිනවා...
ඇත්තටම කාලය කියන්නේ මායාවක්..
තේරුම් ගත්ත කෙනෙක්ට අද්දැකීමක්..
තේරුම් නොගත් කෙනෙකුට
බලාපොරොත්තුවක්..!
#DDhara #Spiritual
ධම්මධර
Comments
Post a Comment