ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අවිනිශ්චිතව අපි හමුවීමු
අවිනිශ්චිතව අපි සිනාසුනෙමු
අවිනිශ්චිතව අපි කතාකළෙමු
අවිනිශ්චිතව අපි වෙන්ව ගියෙමු
අවිනිශ්චිත මීළඟ මොහොත
කාගේත් සුව බලාපොරොත්තුවයි..
එහෙත් එය ඔබට අයිති නැත
ඔබ දැන් සිටින්නෙ
ගෙවුණු මොහොතට කළින් තිබූ
අවිනිශ්චිත බව ජීවිතය කොටගෙනය..
එය ඔබේ මොහොතක ආශ්වාදයයි...,
මොහොතක ආදීනවයෙන්
මැකීයන මොහොතක ආශ්වාදයෙන්
ඔබ්බෙහි වූ නිස්සරණය
මොහොතකට කොටුකළ නොහැක..
නිශ්චිතව ඔබට යමක් දැකිය නොහැකිය
ඇසිය නොහැකි සේම...
නිශ්චිතව වින්දනය කළ නොහැකිය.
නිශ්චිතව යමක් පිළිබඳ විනිස්චය කරන ඔබම
විනිස්චයට භාජනය වනු ඇත..
ස්වයං විනිශ්චය ස්වර්ගයේ සෝපානයයි
දිනපතාම විනිස්චයට භාජනය වන්න.
හදවත ඔබේ උසාවිය
නඩු අසන දින
ඔබ, විත්තිකරු නොවි
සාක්ශිකරු වන්න...
✍️✍️✍️
#DDhara #spiritual
ධම්මධර
Comments
Post a Comment