ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
විපතකට එරෙහිව ඇසෙන
වේදනාබර සාපය නොඇසෙන
මහ ගල් පර්වත දියකර හරින
සංවේදී මිනිසුන්ගේ
හදවතේ දරාගැනීම..
ලෝකෝත්තර ගමනකට
කෑම සොයන්නෝ
කන් වසා, දෑස් පියාගන්නා අතර
මේ අලුත් අවුරුද්දේ..
හඬන දරුවන් සනසනු නොහැකි
දාරක සෙනේහෙන්
දෑස තෙත් වූ පියවරුන්
අදින්නාදානා පිටුදකින්නට
වරක් නොසිතති..
එවන් සමයක
එකම හඬකට යා වන
යොවුන් අත් වැල් එකට බැඳගෙන
අපේ බලයෙන්, උන් තැනූ විලංගුව
අපට නොව දැන්
තොපි හටම වලංගුය
හැරපියා කුලගොතුත්
විනකෙරූ ආගමත්,
බිය නොවී උණ්ඩයට
යදම් බිඳ පෙරට යන
යෞවනේ ගැටව් හට
වේවා සුබ නවසරක්
රුපුන් දණ බිම හොවන..🙏
#DDhara
ධම්මධර
Comments
Post a Comment