ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
හැම කෙනෙක්ම
තමන්ගේ ජීවිතය නඩත්තු කරනවා,
කවනවා,පොවනවා, නාවනවා..
ඒ විතරක් නෙමෙයි යාළු මිත්රකම් වගේම අමනාපකම් එහෙමත් නඩත්තු කරගන්නවා,
හොඳ දේවල්ම හොයාගෙන යනවා ..
තමන්ටම ආදරය කරගන්නවා..
ඇත්තටම කිව්වොත් තමන් තමන්ටම
වැඳගෙන තමයි මුළු ජීවිතේම ඉන්නේ..
ඒක මිනිස්සු අවංකව දකින්න කැමති නැ..
එයාලා කියන්නේ
එයාලා ආදරය කරන්නේ එයාලගේ ළමයින්ට කියල,
එයාලා පෝෂණය කරන්නේ එයාලගේ දෙමාපියන් කියල,
අනිත් අයට සලකන්නේ තමන්ගේ කමට කියල,
ඒත් ඔවුන්ට තේරෙන්නේ නෑ ඒ හැම තැනකම
මගේ කියල කොටසක්,
එයාලගේ කියල කොටසක්
නඩත්තු වෙනවා..
උන්වහන්සේ ඒ සීමාව අතික්රමණය කළා,
විවිධ තරාතිරමේ මිනිස්සුන්ට
උන්වහන්සේගේ අවබෝධයේ පණිවිඩය
උන්වහන්සේ රැගෙන ගියා..
එතන ජාති බේද තිබුණේ නෑ,
ආගම් තිබුණේ නෑ..
උන්වහන්සේ..
තමන්ට කරන වැඳ ගැනිල්ල අවසන් කළා..
නඩත්තු කළ බන්ධන සියල්ල ඇත හැරියා..
සදාකාලයටම..
එය පිළිමයකින් සංකේතවත් කළා..
එදා ඉඳල මුළු ජීවිතේම තමන්ටම,
තමන්ගේ බන්ධන වලටම,
වැඳගෙන ඉන්න මිනිස්සු,
ආවතේව කරන මිනිස්සු,
උන්වහන්සේට කිව්වා...
තමන්ගේ පිළිමයක් හදාගෙන
තමන්ටම වැඳගන්න පිස්සෙක් කියලා..
#DDhara #spiritual #samanthabhadra
ධම්මධර
Comments
Post a Comment