ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
කී දෙනෙක් අපිට හමුවෙනවද,
මේ මහපොළව මත..
මේ තාක් ගෙදරදි,
ඉස්කෝලේදි,
මගතොටදී
දහස් ගනනක් මිනිස්සු
අපිට මුණගැහිල ඇති,
ඒ හමුවුණ වෙලාවේ
සිනහ වුණ මිනිස්සු
වෙන් වෙලා යනකොට
කොච්චර නම් හඬන්න ඇතිද?
ඒ තමයි යළි හමුවීමේ බලාපොරොත්තුව...
හමුවෙනකොටත්,
වෙන් වෙලා යනකොටත්
සිනහවකින්ම සමුගන්න
පුලුවන් නම්,
මිනිස්සුන්ගේ ඇස්වල
කඳුළු තියෙන්න විදියක් නෑ..
අපට හමුවෙන්නෙ
අලුත් මිනිස්සු,
අලුත් තැන්,
ඒ අළුත් සිතුවිලි...
අපේ හිත්වල පරණ වෙනකොට
සමුගැනීම කියන්නේ විලාපයක්..
කාලයත් එක්ක බොහෝ දේවල් අපෙන් සමුගන්නවා,
ඒකට ඉඩදෙන්න..
ඒකයි කියන්නෙ සෑම හමුවීමක්ම,
සමුගැනීමේ ආරම්භයක්..
#DDhara #spiritual
ධම්මධර
Comments
Post a Comment