ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
පොරොන්දු ගොන්නක් එක්ක
ජීවිතයට හමාගෙන ආපු
වසන්තය අස්සෙ
මොහොතකට හරි
සංතර්පණය වෙලා
ඊළඟට තියෙන
අවිනිශ්චිතබව
ඈතින් තියන්න
හැමෝගෙම ළඟ
වැඳ වැටෙන
අසරණ ජීවිතයට
නැවතීමේ තිත
තියන්න අවශ්‍යයි...
පිටතින් දැක
හිතින් මවාගත්
ෆැන්ටසි ලෝක
ආශ්වාදජනකයි කියන එක,
අපේ ඇබ්බැහියක්...
සුව නින්දක් නැති
කැඩීගිය සයනයක
අඩ නින්දෙන් පෙනෙන
සිහිනයේ ආශ්වාදය
මිනිසුන්ට
උත්තේජනය සපයනවා
අවදිනොවී සිටින්නට...
එහෙත්,
උත්සාහ කරන්න
අවධි වන්නට,
දරාගත නොහැකි
සතුට වගේම
කුරිරු වූ වේදනාව
ඔබට උගන්වනව,
හීන වලට සිර නොවී
සදාකාලයටම
නිද්‍රාවට පත්වන්න...
#DDhara #Spiritual
ධම්මධර
Comments
Post a Comment