Skip to main content

Posts

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

ප්‍රේමයම අගයන්න

දුවන වේගයට දුවන්න නටන තාලයටම පා තියන්න ගලන විලසටම ගලන්න උත්සහයෙන් මිදෙන්න පණඇති ඔබ පණ නැති සේ වන්න එවිට සුළඟේ ඔබ පා වී යාවි.. කියවීම නවතා ගොළුවන්න එවිට, ඔබ වෙනුවට බොහෝ අය කතා කරාවි.. කිසිවෙකුට ආරාධනා නොකරන්න.. හැමෝටම එන්න, යන්න ඔබේ නිවහනේ දොර ඇර තබන්න.. එහෙත් අසුන් ගැන්මට කිසිවක් නොතබන්න.. සිනාසෙන්නන් හා සිනාවන්න හඬන්නන් හා හඬන්න විශේෂයක් නොමැති ඔවුන්, ඔබේ මතකයේ නොසිටිවී... ප්‍රේමය ම අගයන්න වටිනකම මිල නොකරන්න. අතට, අත දී හැම පිළිගන්න පතුල පෙනෙන දිය සේ වන්න.. හැඟෙන දේ කියවා ඉන්න පැසෙන කරලක් සේ වන්න.. බොහෝ දේ ඇත විඳගන්න හමන සුළඟට ඉඩ දෙන්න.. ✍️✍️✍️ ධම්මධර #DDhara #spiritual

ආවේගය

සමහරු නිසා "අපි" ආවේගශීලි වෙනවා,  සංතෝශ වෙනව.  ඒ එයාලා, එයාලගේ චරිතයට  හොඳටම සාධාරණය  ඉශ්ඨ කරන නිසා... පිටපතට අනුව  හොඳටම කරනකොට තරහ ගිහින් ටීවි එකට ගහන්න හිතුණොත් මතක් කරගන්න මම වාඩි වුණේ කතාව බලන්න විතරයි කියල. ටීවි එක කුඩු කළොත්  පාඩුව තමන්ටමයි.. අලුත් එකක් ගෙනාවත් බලන්න වෙන්නෙ  පරණ කතාවම තමයි ඒ නිසා දිගටම බලාගෙන  ඉන්න.. ✍️✍️✍️ ධම්මධර

ගැළපීම

එළිය විතරක්ම තිබුනත් පෙන්නේ නෑ  අඳුර විතරක්ම තිබුණත් පෙන්නේ නෑ  අඳුර මැදින් එළිය තියෙන්න ඕන  එළිය වටෙන් අඳුර ගලන්නත් ඕන. එහෙම නැත්තම් අපැහැදිලියි  හැමදේම හරි මැදට ගෙනල්ල  තියාගන්න ඕන..  දවස පුරාම මහන්සි වෙන්නේ  ඒ වෙනුවෙන්.. හැබැයි අවසානයේ  එක්කෝ එළිය වැඩියි,  නැත්තම් අඳුර වැඩියි... ඒක ලොකු හිස්තැනක්  හිස්තැන පුරවන්න  හැමෝම හරි කලබලයක  ඒ වෙනුවෙන්.. සමහරු සිල් අරගෙන, සමහරු පාඩම් කරගෙන, සමහරු වෙරි අරගෙන, එහෙත්  ගමන අවසානයේ  මුළු ආත්මයම ගිණි අරගෙන.. ගැළපෙන්නේ නැති ඇඳුම්  ගැළපෙන්නේ නැති කෑම  ගැළපෙන්නේ නැති වචන  ගැළපෙන්නේ නැති සුවඳ  ගැලපෙන්නේ නැති පාට  ගැලපෙන්නේ නැති රූප   හිස්තැනට  ගළපගන්න බැරි වුණාම   හඬන්න වෙනවා..  හඬන එක නවත්තලා  අපිට සිද්ධ වෙනවා ගළපගන්න  එහෙම වෙන්නේ  ගැළපෙන ම  එකක් නෑ කියල තේරුම් ගත්ත  දවසට.. ධම්මධර

දෛවෝපගත සිද්ධි

"දෛවෝපගත සිද්ධි"  අපට යමක් තේරුම් කරවන්න  වෑයම් කරනවා.. පුංචි කාලේ  අම්මත් එක්ක රණ්ඩු වුණේ  කොහොමහරි සබන්බෝල පිඹින එකක් ගන්න... නොහැකියාව, දුපත්කම හින්දම  වෙළෙන්දා පහුකරන් ආවත්, කවදා හරි ඒකක් ගත්තම ලැබෙන ආස්වාදය  හිතින් අයින් කරන්න  පොඩි එකෙක් කැමති වෙන්නේ නෑ.. ඒත්, කාලයත් එක්ක  ඒ දුප්පත්කම නිසාම දවසක ඔහු  සබන් බෝල පිඹින ඒවා ගොඩක අයිතිකාරයෙක් වෙනවා,  හැබැයි, ඒවා පිඹල දැන් සතුටු වෙන්නතරම් ඔහු පුංචි නැහැ.  ඒවා විකුණන එක ඔහුගේ ජීවිකාව වෙලා.. පොඩි හරි සතුටක් තියෙන්නේ  එකක් හරි වැඩිපුර  විකුනගත්තොත් විතරයි.  කාලයත් එක්ක අරමුණු  වෙනස් වීගෙන යනවා, කළින් අපේක්ෂාවන් දැන් ජීවිතය වෙනකොට  ඒක විඳින මානසිකත්වයක්  මිනිස්සු තුළ පවතින්නේ නැ. අවශ්‍යතාවයක් නැති වෙලාවට  අපට මොන දේ ලැබුණත්  ඒකෙ වටිනාකමක් නැ.. කෝටි ගණනක මුදල් ලැබුණත් තේරුමක් නෑ.. ඒවාට හුවමාරු කරගන්න බඩු භාණ්ඩ කඩවල් වල නැතිනම්.   ඒ  සල්ලිවල වටිනාකම බිංදුවයි. අපේක්ශාවාන් හා ආශාවන් නිසා  වටිනාකම් නිර්මාණය වෙනවා,  එලෙසම වටිනාකම්  නිසා අපේක්ශාවන්ද නිර්මාණය වෙනවා, ඒ නිසා මිනිස්සුන්ට ඒ පසුපස  දුවන්න වෙනවා. කාලයත් එක්ක අරමුණු,  අපේක්ෂාවන්...

විවේකය

දකින්නේ මොනවද කියල පැහැදිලිව පේන්නේ නැති හැමදේම බොඳවෙලා වගේ පෙනෙන අතරමන් වුන ජීවිතය ඇතුළේ මොකද්දෝ රහක් තියෙනවා කියල දැනෙන්න ඒ මනුස්සයා කවදා හරි දවසක මේ ලෝකේ තනිවෙන්නම ඕන.. හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙන්න ඕන.. තමන්ට ලැබුණ දේවල් අහිමි වෙන්න ඕන.. හිතාගෙන හිටපු දේවල් බොරුවක් බව දැනෙන්න පටන්ගන්න ඕන. මොකද ඒ වෙලාවට තමයි දිවිල්ලේ වේගය බාල වෙන්නේ... හිතන දේට, හිතපු දේට ප්‍රතිවිරුද්ධ දේවල් වෙනකොට තරහ යනවා වගේම, ඒවා දිහා කල්පනාවෙන් බලනකොට සැර බාල වෙනවා, පරිණත වෙන්න පටන් ගන්නවා. ජීවිතේට විවේකයක් ලැබෙන්නේ එතකොට.. අපි විවේකය සොයනවා කියන්නේ  අපි අවිවේකි වෙලා කියන එක.. අවුරුද්දකින්, දෙකකින්, පහකින් නැත්තම් දහයකින්  සොයල ලැබුණ උත්තරේ  තවම නෑ කියන එකනම්  විවේක ගන්න කාලේ හරි.. මොකද මේ ජිවිතේ ඇතුළේ  තියෙන්නේ ම  හරියන තැන් නොවෙයි, වරදින තැන්  හරියනම තැන සොයාගන්නවට වඩා වරදින තැන් ටික  තෙරුම්ගත්තම අමුතුවෙන් හරියන්න ඕන නෑ  එහෙම හිතුණොත් විවේකගන්න කාලේ හරි.. ධම්මධර

හිත නැවතුන තැන

හිත නැවතුන තැන මතකද? ඒ අපි හොඳයි කියල  හිතපු එකම තැන.  හැබැයි කාලය,  හොඳම තැන  එතන නොවන බව  අපට පසක් කරවනවා. ප්‍රති තර්කයක් නැතිවම  පිළිගත්ත හැම වචනයක් තුළම තිබුණේ  සතුට සහ වින්දනය.. එතරම්ම විශ්වාසවන්ත වුණා.. එහෙත්, සැකය බිය  විශ්වාස නොවීම, ඒ වින්දනය කෙටි කාලයකට  සිමාකර දමනවා.. සැසඳීම නිසා උපන්   ප්‍රතිතර්කයේ බීජය  ඔබේ හිත තුළ අසතුට ඇතිකරවනවා. හැමෝම හොයන්නේ නවතින්න තැනක්,  හතිදාගෙන දුවන්න ක්‍රමයක් නෙමෙයි.  හැමෝම සොයන්නේ  විශ්වාස කළහැකි තැනක් නැවතීම සඳහා.. සොයාගන්න විශ්වාස කළහැකි යමක්.. හමුනොවුණොත්  අපි නැවතිලා තේ එකක් බොමු! ☕  #DDhara #Spiritual ධම්මධර

මහා මෛත්‍රෙය

අපිට හැමදාම සත්‍ය කියන්නේ  අපිත් එක්ක, එකම රේස් එක   දුවන මිනිහෙක් නෙමෙයි,  රේස් එක දුවනවා කියල, අපට පෙන්වලා නැවතිලා ඉන්න මිනිහෙක්,    ඔහු කළ අසීමිත කැපකිරීම ඔබ කවදා හෝ දැනගත යුතුමයි,  එහෙත් එම කැපකිරීම ඔබ වටහාගන්නා දිනට ඔබට,  ඔහු වෙනුවෙන් ස්තූතී ගායනා කළ නොහැක,  ඒ ඔබේ ගුරුවරයායි,  ඔහු නොදකින දේ ඔබට කියනු ඇත,  ඔහු නොඅසන දේ ඔබට කියනු ඇත,  එතුළින් ඔබේ මාර්ගය වැටී ඇත. එතැනට ගමන් කළ විට ඔහු එතන නැත, ඔහු නොදැක්ක සහ නොඇසූ දේ  ඔබ දකිනු හා අසනු ඇත.... 🙏 නමඃ සර්වතෝභද්‍රං  ධම්මධර