ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
හිත නැවතුන තැන මතකද?
ඒ අපි හොඳයි කියල
හිතපු එකම තැන.
හැබැයි කාලය,
හොඳම තැන
එතන නොවන බව
අපට පසක් කරවනවා.
ප්රති තර්කයක් නැතිවම
පිළිගත්ත හැම වචනයක් තුළම තිබුණේ
සතුට සහ වින්දනය..
එතරම්ම විශ්වාසවන්ත වුණා..
එහෙත්, සැකය බිය
විශ්වාස නොවීම,
ඒ වින්දනය කෙටි කාලයකට
සිමාකර දමනවා..
සැසඳීම නිසා උපන්
ප්රතිතර්කයේ බීජය
ඔබේ හිත තුළ අසතුට ඇතිකරවනවා.
හැමෝම හොයන්නේ නවතින්න තැනක්,
හතිදාගෙන දුවන්න ක්රමයක් නෙමෙයි.
හැමෝම සොයන්නේ
විශ්වාස කළහැකි තැනක් නැවතීම සඳහා..
සොයාගන්න විශ්වාස කළහැකි යමක්..
හමුනොවුණොත්
අපි නැවතිලා තේ එකක් බොමු! ☕
#DDhara #Spiritual
ධම්මධර
Comments
Post a Comment