ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
දකින්නේ මොනවද කියල
පැහැදිලිව පේන්නේ නැති
හැමදේම බොඳවෙලා වගේ පෙනෙන
අතරමන් වුන ජීවිතය ඇතුළේ
මොකද්දෝ රහක් තියෙනවා කියල දැනෙන්න
ඒ මනුස්සයා කවදා හරි දවසක
මේ ලෝකේ
තනිවෙන්නම ඕන..
හැමෝගෙන්ම ප්රතික්ෂේප වෙන්න ඕන..
තමන්ට ලැබුණ දේවල් අහිමි වෙන්න ඕන..
හිතාගෙන හිටපු දේවල්
බොරුවක් බව දැනෙන්න පටන්ගන්න ඕන.
මොකද ඒ වෙලාවට තමයි
දිවිල්ලේ වේගය බාල වෙන්නේ...
හිතන දේට, හිතපු දේට
ප්රතිවිරුද්ධ දේවල් වෙනකොට
තරහ යනවා වගේම,
ඒවා දිහා කල්පනාවෙන් බලනකොට
සැර බාල වෙනවා,
පරිණත වෙන්න පටන් ගන්නවා.
ජීවිතේට විවේකයක් ලැබෙන්නේ එතකොට..
අපි විවේකය සොයනවා කියන්නේ
අපි අවිවේකි වෙලා කියන එක..
අවුරුද්දකින්, දෙකකින්, පහකින් නැත්තම් දහයකින්
සොයල ලැබුණ උත්තරේ තවම නෑ කියන එකනම්
විවේක ගන්න කාලේ හරි..
මොකද මේ ජිවිතේ ඇතුළේ තියෙන්නේ ම
හරියන තැන් නොවෙයි, වරදින තැන්
හරියනම තැන සොයාගන්නවට වඩා වරදින තැන් ටික
තෙරුම්ගත්තම අමුතුවෙන් හරියන්න ඕන නෑ
එහෙම හිතුණොත් විවේකගන්න කාලේ හරි..
ධම්මධර
Comments
Post a Comment