Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

දෛවෝපගත සිද්ධි




"දෛවෝපගත සිද්ධි" 
අපට යමක් තේරුම් කරවන්න 
වෑයම් කරනවා..

පුංචි කාලේ  අම්මත් එක්ක රණ්ඩු වුණේ 
කොහොමහරි සබන්බෝල පිඹින එකක් ගන්න...
නොහැකියාව, දුපත්කම හින්දම 
වෙළෙන්දා පහුකරන් ආවත්,
කවදා හරි ඒකක් ගත්තම ලැබෙන ආස්වාදය 
හිතින් අයින් කරන්න 
පොඩි එකෙක් කැමති වෙන්නේ නෑ..

ඒත්, කාලයත් එක්ක 
ඒ දුප්පත්කම නිසාම දවසක ඔහු 
සබන් බෝල පිඹින ඒවා ගොඩක අයිතිකාරයෙක් වෙනවා, 
හැබැයි, ඒවා පිඹල දැන් සතුටු වෙන්නතරම් ඔහු පුංචි නැහැ. 
ඒවා විකුණන එක ඔහුගේ ජීවිකාව වෙලා..
පොඩි හරි සතුටක් තියෙන්නේ 
එකක් හරි වැඩිපුර 
විකුනගත්තොත් විතරයි. 

කාලයත් එක්ක අරමුණු 
වෙනස් වීගෙන යනවා,
කළින් අපේක්ෂාවන් දැන් ජීවිතය වෙනකොට 
ඒක විඳින මානසිකත්වයක් 
මිනිස්සු තුළ පවතින්නේ නැ.
අවශ්‍යතාවයක් නැති වෙලාවට 
අපට මොන දේ ලැබුණත් 
ඒකෙ වටිනාකමක් නැ..

කෝටි ගණනක මුදල් ලැබුණත් තේරුමක් නෑ..
ඒවාට හුවමාරු කරගන්න බඩු භාණ්ඩ කඩවල් වල නැතිනම්.  
ඒ  සල්ලිවල වටිනාකම බිංදුවයි.

අපේක්ශාවාන් හා ආශාවන් නිසා  වටිනාකම් නිර්මාණය වෙනවා, 
එලෙසම වටිනාකම්  නිසා අපේක්ශාවන්ද නිර්මාණය වෙනවා,
ඒ නිසා මිනිස්සුන්ට ඒ පසුපස  දුවන්න වෙනවා.

කාලයත් එක්ක අරමුණු, 
අපේක්ෂාවන් වෙනස් වුණාට 
මිනිස්සු දුවන්නේ එකම රවුමක..

#DDhara #spiritual #Dhamma
ධම්මධර

Comments

Popular posts from this blog

ඔහු ඉවසිලිවන්තයි..

  මාව සොයාගෙන කෙනෙක් ඇවිත්  ඒත් මම දැනගෙන හිටියේ නෑ  ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල  මාත් එක්ක තේ බීලා, ඔහුට මා හමු වුණාට  මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ  ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට  මා සොයා ඔහු එන බවක් මා විශ්වාස කළේ නෑ,  එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා  මම ඔහු ගැන අමතක කර දැම්මේ  ඇයිද කියා හෝ මට මතකයක් නෑ  මගේ ඇස්..  ඒ තරම් ම විසිතුරු ලෝකයක  මාව අතරමං කළා..  හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ  ඔහු සැඟවෙලා ඉඳලා  ඒ නිසයි ඒවා එතරම් ලස්සන  ඔහුට එන්න තියෙන පාරවල්  සේරම වහල, මම මගේ ලෝකේ  වර්ණවත් කළා.. ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න  උත්සාහ කරලා නෑ.. මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න  ඔහු ඉවසිලිවන්තයි.. ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්  ඉදිරියෙන් ඉඳල, මගේ සියලු ජයග් ‍ රහණවල අයිති කරු ඔහු.. හැම විටම ඒ ජයග් ‍ රහණවල පරාජිතයා මම..  මම හිනාවුණ හැම මොහොතකම  ඔහු අඬන්න ඇති, මම හඬාවැටුණ හෑම දවසකම  ඔහු හිනා වෙන්න ඇති.. ඔහුගේ එම භාෂාව  අපව සැණෙකින් නවතා දමනවා.. ඔහුගේ හමුවීම  ඔහ...

සීමාව

භෞතික ලෝකය තුළ  හැමදේකටම සීමාවක් පවතිනවා.  එහෙත් අපට අවශ් ‍ ය ඒ සීමාවෙන් එහා ස්පර්ශ කරන්න.. ඒ නිසා අපි වෙනස් කරල බලනවා පාට කරල බලනව.. අපි උත්සාහ කරන්නෙ  හැමදේම තියාගෙන සීමාව  අතික් ‍ රමණය කරන්න. එතන තමයි අපි  සතුට තියෙනවා කියල  හිතාගෙන ඉන්නෙ.. එහෙත් එතනට යන්න භෞතිකයම අපට හරස් වෙනවා, මිනිස්සු වයසට යනවා,  කාලයත් එක්ක හැමදේම  දුර්වල වෙන්න පටන් ගන්නවා,  එකතු කරගත්ත දේවල් දිරල යනවා.. ඒ කියන්නෙ මිනිසුන්ට භෞතික දේවල් අතික් ‍ රමණය කරල ඉවරයක් දකින්න වෙන්නෑ සතුටු වෙන්නත් බෑ.. කොහේ හෝ තැනකදී හිතින්ම අතහැරලා දාන්න  සිද්ධ වෙනවා.. අපි අපිම හිතට දාගත්ත සීමාව  තේරෙන්න පටන් ගත්තම තමයි භෞතික සීමාව අතික් ‍ රමණය වෙන්නෙ. එතන තමයි ගැලවීම පවතින්නෙ.. එතනදී මිනිස්සුන්ට ඇත්තටම හිනාවෙන්න පුළුවන්.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

තනිකම හැරදා

උදේම කා බී, මඩ කමිසය හැද,  මඩ සරම කැහිපොට ගහගත් ඔහු  උදැල්ල උරමත තුළිත කරගත් වනම  වක් පිහියද අනෙක් අතින් ගෙන,  සුරුට්ටුවක් බීගෙනම  කුඹුරට ගියේය.  අප්පච්චි ගිය ගමන් අහල පහළ  ගසකට නැඟගත් මම  මිඳුලට බර කොළ අතු කඩා දමමින්  අම්මගේ පුරුදු ගෝරනාඩුවට  ආරම්භය ලබා දුන්නෙමි.  ගහෙන් බහින තුරු අහවරක් නොවන කියවීම  කනකට නොගන්නා මම, අප්පච්චි එනතුරුම ගෙදර රජා වීමි..  ගස් බඩගෑ නිසාවෙන්ම,  හතර හංදිය ඉරී ගිය කලිසම නිසා  අක්කාගේ උසුළු විසුළු නොයිවසන මම,  ඇගේ කොන්ඩෙන් ඇද අරඹන පොරය නිසා  අප්පච්චි පැමිණිවිට මා වරදකරු වන්නේ  නඩු විභාගයකින් තොරවමය. හොඳ හැටි ගුටි කා නමුත්  නොහඬා රැකගත් ආත්ම ගෞරවය  ලොකු අක්කාගේ අනුකම්පාව නිසාම  කඳුළු කොට බිම හලන්නේ  මහත් වේදනාවකිනි.  හැඬීම අවසන් කොට  හිතේ තරහ අකමැත්තෙන් නමුත් නිවාගන්නා මම  යළිත් පණ ලබන්නේ මහ වැස්සකින් පසු  තුරුපත් හිනැහෙන්නා සේය. ඉක්බිතිව තනිකමට ඇලුම්කරන මම  වත්තෙහි එහෙ මෙහෙ ඇවිදිමින් හිඳ  ඉතාම නිහඬ පිළිවෙතක් ඔස්සේ  යළිත්...