ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
සමහරු නිසා "අපි"
ආවේගශීලි වෙනවා,
සංතෝශ වෙනව.
ඒ එයාලා, එයාලගේ චරිතයට
හොඳටම සාධාරණය
ඉශ්ඨ කරන නිසා...
පිටපතට අනුව
හොඳටම කරනකොට
තරහ ගිහින් ටීවි එකට
ගහන්න හිතුණොත්
මතක් කරගන්න
මම වාඩි වුණේ
කතාව බලන්න විතරයි කියල.
ටීවි එක කුඩු කළොත්
පාඩුව තමන්ටමයි..
අලුත් එකක් ගෙනාවත්
බලන්න වෙන්නෙ
පරණ කතාවම තමයි
ඒ නිසා දිගටම බලාගෙන
ඉන්න..
✍️✍️✍️
ධම්මධර
Comments
Post a Comment