ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අඳුර විතරක්ම තිබුණත් පෙන්නේ නෑ
අඳුර මැදින් එළිය තියෙන්න ඕන
එළිය වටෙන් අඳුර ගලන්නත් ඕන.
එහෙම නැත්තම් අපැහැදිලියි
හැමදේම හරි මැදට ගෙනල්ල
තියාගන්න ඕන..
දවස පුරාම මහන්සි වෙන්නේ
ඒ වෙනුවෙන්..
හැබැයි අවසානයේ
එක්කෝ එළිය වැඩියි,
නැත්තම් අඳුර වැඩියි...
ඒක ලොකු හිස්තැනක්
හිස්තැන පුරවන්න
හැමෝම හරි කලබලයක
ඒ වෙනුවෙන්..
සමහරු සිල් අරගෙන,
සමහරු පාඩම් කරගෙන,
සමහරු වෙරි අරගෙන,
එහෙත් ගමන අවසානයේ
මුළු ආත්මයම ගිණි අරගෙන..
ගැළපෙන්නේ නැති ඇඳුම්
ගැළපෙන්නේ නැති කෑම
ගැළපෙන්නේ නැති වචන
ගැළපෙන්නේ නැති සුවඳ
ගැලපෙන්නේ නැති පාට
ගැලපෙන්නේ නැති රූප
හිස්තැනට
ගළපගන්න බැරි වුණාම
හඬන්න වෙනවා..
හඬන එක නවත්තලා
අපිට සිද්ධ වෙනවා ගළපගන්න
එහෙම වෙන්නේ
ගැළපෙන ම
එකක් නෑ කියල තේරුම් ගත්ත
දවසට..
ධම්මධර
Comments
Post a Comment