Skip to main content

Posts

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

දෛවෝපගත සිද්ධි

"දෛවෝපගත සිද්ධි"  අපට යමක් තේරුම් කරවන්න  වෑයම් කරනවා.. පුංචි කාලේ  අම්මත් එක්ක රණ්ඩු වුණේ  කොහොමහරි සබන්බෝල පිඹින එකක් ගන්න... නොහැකියාව, දුපත්කම හින්දම  වෙළෙන්දා පහුකරන් ආවත්, කවදා හරි ඒකක් ගත්තම ලැබෙන ආස්වාදය  හිතින් අයින් කරන්න  පොඩි එකෙක් කැමති වෙන්නේ නෑ.. ඒත්, කාලයත් එක්ක  ඒ දුප්පත්කම නිසාම දවසක ඔහු  සබන් බෝල පිඹින ඒවා ගොඩක අයිතිකාරයෙක් වෙනවා,  හැබැයි, ඒවා පිඹල දැන් සතුටු වෙන්නතරම් ඔහු පුංචි නැහැ.  ඒවා විකුණන එක ඔහුගේ ජීවිකාව වෙලා.. පොඩි හරි සතුටක් තියෙන්නේ  එකක් හරි වැඩිපුර  විකුනගත්තොත් විතරයි.  කාලයත් එක්ක අරමුණු  වෙනස් වීගෙන යනවා, කළින් අපේක්ෂාවන් දැන් ජීවිතය වෙනකොට  ඒක විඳින මානසිකත්වයක්  මිනිස්සු තුළ පවතින්නේ නැ. අවශ්‍යතාවයක් නැති වෙලාවට  අපට මොන දේ ලැබුණත්  ඒකෙ වටිනාකමක් නැ.. කෝටි ගණනක මුදල් ලැබුණත් තේරුමක් නෑ.. ඒවාට හුවමාරු කරගන්න බඩු භාණ්ඩ කඩවල් වල නැතිනම්.   ඒ  සල්ලිවල වටිනාකම බිංදුවයි. අපේක්ශාවාන් හා ආශාවන් නිසා  වටිනාකම් නිර්මාණය වෙනවා,  එලෙසම වටිනාකම්  නිසා අපේක්ශාවන්ද නිර්මාණය වෙනවා, ඒ නිසා මිනිස්සුන්ට ඒ පසුපස  දුවන්න වෙනවා. කාලයත් එක්ක අරමුණු,  අපේක්ෂාවන්...

විවේකය

දකින්නේ මොනවද කියල පැහැදිලිව පේන්නේ නැති හැමදේම බොඳවෙලා වගේ පෙනෙන අතරමන් වුන ජීවිතය ඇතුළේ මොකද්දෝ රහක් තියෙනවා කියල දැනෙන්න ඒ මනුස්සයා කවදා හරි දවසක මේ ලෝකේ තනිවෙන්නම ඕන.. හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙන්න ඕන.. තමන්ට ලැබුණ දේවල් අහිමි වෙන්න ඕන.. හිතාගෙන හිටපු දේවල් බොරුවක් බව දැනෙන්න පටන්ගන්න ඕන. මොකද ඒ වෙලාවට තමයි දිවිල්ලේ වේගය බාල වෙන්නේ... හිතන දේට, හිතපු දේට ප්‍රතිවිරුද්ධ දේවල් වෙනකොට තරහ යනවා වගේම, ඒවා දිහා කල්පනාවෙන් බලනකොට සැර බාල වෙනවා, පරිණත වෙන්න පටන් ගන්නවා. ජීවිතේට විවේකයක් ලැබෙන්නේ එතකොට.. අපි විවේකය සොයනවා කියන්නේ  අපි අවිවේකි වෙලා කියන එක.. අවුරුද්දකින්, දෙකකින්, පහකින් නැත්තම් දහයකින්  සොයල ලැබුණ උත්තරේ  තවම නෑ කියන එකනම්  විවේක ගන්න කාලේ හරි.. මොකද මේ ජිවිතේ ඇතුළේ  තියෙන්නේ ම  හරියන තැන් නොවෙයි, වරදින තැන්  හරියනම තැන සොයාගන්නවට වඩා වරදින තැන් ටික  තෙරුම්ගත්තම අමුතුවෙන් හරියන්න ඕන නෑ  එහෙම හිතුණොත් විවේකගන්න කාලේ හරි.. ධම්මධර

හිත නැවතුන තැන

හිත නැවතුන තැන මතකද? ඒ අපි හොඳයි කියල  හිතපු එකම තැන.  හැබැයි කාලය,  හොඳම තැන  එතන නොවන බව  අපට පසක් කරවනවා. ප්‍රති තර්කයක් නැතිවම  පිළිගත්ත හැම වචනයක් තුළම තිබුණේ  සතුට සහ වින්දනය.. එතරම්ම විශ්වාසවන්ත වුණා.. එහෙත්, සැකය බිය  විශ්වාස නොවීම, ඒ වින්දනය කෙටි කාලයකට  සිමාකර දමනවා.. සැසඳීම නිසා උපන්   ප්‍රතිතර්කයේ බීජය  ඔබේ හිත තුළ අසතුට ඇතිකරවනවා. හැමෝම හොයන්නේ නවතින්න තැනක්,  හතිදාගෙන දුවන්න ක්‍රමයක් නෙමෙයි.  හැමෝම සොයන්නේ  විශ්වාස කළහැකි තැනක් නැවතීම සඳහා.. සොයාගන්න විශ්වාස කළහැකි යමක්.. හමුනොවුණොත්  අපි නැවතිලා තේ එකක් බොමු! ☕  #DDhara #Spiritual ධම්මධර

මහා මෛත්‍රෙය

අපිට හැමදාම සත්‍ය කියන්නේ  අපිත් එක්ක, එකම රේස් එක   දුවන මිනිහෙක් නෙමෙයි,  රේස් එක දුවනවා කියල, අපට පෙන්වලා නැවතිලා ඉන්න මිනිහෙක්,    ඔහු කළ අසීමිත කැපකිරීම ඔබ කවදා හෝ දැනගත යුතුමයි,  එහෙත් එම කැපකිරීම ඔබ වටහාගන්නා දිනට ඔබට,  ඔහු වෙනුවෙන් ස්තූතී ගායනා කළ නොහැක,  ඒ ඔබේ ගුරුවරයායි,  ඔහු නොදකින දේ ඔබට කියනු ඇත,  ඔහු නොඅසන දේ ඔබට කියනු ඇත,  එතුළින් ඔබේ මාර්ගය වැටී ඇත. එතැනට ගමන් කළ විට ඔහු එතන නැත, ඔහු නොදැක්ක සහ නොඇසූ දේ  ඔබ දකිනු හා අසනු ඇත.... 🙏 නමඃ සර්වතෝභද්‍රං  ධම්මධර

ශ්‍රද්ධාවේ උපරිමය

මේ තියෙන්නෙ  අවසිහියෙන් ඉන්නකොට  අපිට පේන දේවල්,  අව සිහියෙන් ඉන්නකොට  අපිට ඇහෙන දේවල්.. අවසිහිය, සිහිය වෙලා  සියයට සියයක් වුනොත් අපි Disappear වෙලා යනවා.. කවදාවත් මේ ලෝකය තුළ  100% සිහිය තියන්න බෑ,  එහෙම වුනොත්  මේ ලෝකයේ ඔබ නෑ.. අපි මේ ලෝකේ දේවල් භාරගන්නෙ  ප්‍රතික්ශේප කිරීමකුත්  සියයට ගානක් තියාගෙන,  පිළිනොගෙන බැරි නිසා.. නොකර බැරි නිසා... සිහිය නැති වුනාම අපි වාද කරනවා  සිහියෙන් මිනිහෙකුට කරන්න  වාදයක් නෑ හිතත් එක්ක.. කොච්චර දේවල් පිළිනොගත්තත්  කාලයත් එක්ක අපිට පිළිගන්න වෙනවාමයි.. අසිහිය අපිව දුර ගමනක් එක්කගෙන ගිහින්.. විඳවන්න තැනක් සොයාගෙන.. මිනිහෙකුට සිහියෙන්  ඉන්නවට වඩා පහසුයි  ගුරුවරයාට භක්තිමත් වෙන එක,  විශ්වාසවන්තයෙක් වෙන එක.. එතකොට ඒ භක්තියේ නාමයෙන් එයා පිළිගන්න පටන් ගන්නවා ජීවිතය.. අකමැති දේවල්  විශ්වාසයේ නාමයෙන්  භාරගන්නවා, මොකද අපි ප්‍රතික්ශේප කරන හැම තැනකම ඉන්නේ ගුරුවරයා... කුමණ වේශයකින් වුවත් ගුරුවරයා ඔබ ඉදිරියේ පෙනී ඉන්න පුලුවන්..  ඔබගේ සතුරා ගුරුවරයාගේ  වේශයෙන් ඔබ ළඟට එනවා, ඔබට දඬුවම් කරන්නා  ගුරුවරයාගේ වේශයෙන් එනවා, ඔබට අසාධාරණය කරන්නා   ගුරුවරයාගේ වේශයෙන්  ඔබ ළඟට පැමි...

අසමත්වීම

අප ප්‍රතික්ෂේප වීම් මගහැර  වැළඳගැනීම් සොයා යන්නෙමු! එහෙත්... ඔවුන් අපව වැළඳගන්නවා වෙනුවට  අපගේ වෘත්තීය,  අධ්‍යාපන සුදුසුකම්  කුලය,  ආගම සහ ධනවත්කම  වැළඳගැනීමට මගබලා සිටිති.. ඔබේ තරම ලොවට ප්‍රකට කළ  එම සළුපිලි ගැලවී නිරුවත් වූ කළ  ඔබව සිප වැළඳ ගැනීමට  යමෙක් මෙලොව නොවන්නේය.. එය දැක,  සංවේගය උපදවාගත යුතුය.  ඔබේ ගමන, විමුක්තිය  උදෙසායි.. ඒ අතරතුර, සමත් වීම ඉතා දුලබ වන අතර    අසමත් වීම් හා  ප්‍රතික්ෂේප වීම්   ඉතා සුලබ වනු ඇත.. ප්‍රර්ථනා නොකළ දුක්ඛිත වූ ප්‍රතික්ෂේප වීම්  තුළින්  ජීවිතය කියැවීම  පටන්ගන්න. දැන්, ඔබේ පරීක්‍ෂණය  අසමත්වීම්,  ප්‍රතික්ෂේප වීම් සහ වෙන්ව යෑම්, මත ගොඩනගන්න..  එවිට, බොහෝ අසමත්වීම් සහ  ප්‍රතික්ෂේප වීම් ලබන්නාම, ඉතා පහසුවෙන්  තම පර්යේෂණය සාර්ථක  කර ගනියි... ධම්මධර #DDhara #Spiritual #Buddhism

අල්පේච්ඡතාවය

අල්පේච්ඡ බව ලෝකෙට පෙන්නන්න  සෙරෙප්පු කබල් දෙකක් දමාගෙන,  ඉරුනු සිවුරු පොරවමින් ,  රැවුල් කොන්ඩා වවාගෙන වන වැදිලා හිටියත්,  ඒ මිනිසුන්ගේ සිත් තුළ තෘශ්ණාව අධික වෙන්න පුලුවන්,  තෘශ්ණාව සැඟවී පවතින්නේ වෙලාව එනකල්,  අවස්ථාව ආපු ගමන් සිතේ ස්භාවය එළියට එනවා,   ඒත් අල්පේච්ඡ කියන්නේ එහෙම ජීවිතයකට නොවෙයි,  නොබැඳී සිටීම තුළ අල්පේච්ඡ බව පවතිනවා,  සත්‍ය කුමක් උවත්, සමාජයේ ඉල්ලුමක් තියෙන්නේ  පෙන්නන්න දඟලන අල්පේච්ඡ තාවයට, ඉතින් ඒක දන්න බොහෝ දෙනා අල්පේච්ඡ ජීවිතය පෙන්නලා  i phone එකෙන් ඩයලොග් එක හරහා ටවුන් එක හා සම්බන්ධ වෙනවා  ඉතිං ඒක කාටවත් පෙන්නේ නෑනේ.   ඉන්නේ කැලේ,  එයාලා  අල්පේච්ඡයි.. මුළු මහත් සමාජයම නමස්කාර කරන්නේ ඒකට.. ඒ ඔවුන්ගේ නොදැනුවත්කම  කෝටි ගණනක් සල්ලි බැංකු පොතක දාල  ඒ පොත දිහා බලල සතුටුවෙන මිනිස්සු  කොච්චර නම් ඇද්ද? ඒ සතුට තියෙන්නේ ඇතැයි කියල හිතන මානසික බැඳීම නිසා.. එහෙම සතුටු වෙච්ච මිනිස්සු පහුගියකාලේ ETI බංකොලොත් උනාම විඳවපු විඳවිල්ල හැමෝම දකින්න ඇති . ඉලක්කම් ටිකකට ඔවුන්  සතුටු කරන්න පුළුවන්  ඒ වගේම දුකට පත් කරන්නත් පුළුවන්  ඒකට බැංකුවේ සල්ලි තියෙන්නම  ඕන කියල එකක් නෑ..  මල විකාර  භෞ...