ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
මේ තියෙන්නෙ
අවසිහියෙන් ඉන්නකොට
අපිට පේන දේවල්,
අව සිහියෙන් ඉන්නකොට
අපිට ඇහෙන දේවල්..
අවසිහිය, සිහිය වෙලා
සියයට සියයක් වුනොත් අපි
Disappear වෙලා යනවා..
කවදාවත් මේ ලෝකය තුළ
100% සිහිය තියන්න බෑ,
එහෙම වුනොත්
මේ ලෝකයේ ඔබ නෑ..
අපි මේ ලෝකේ දේවල් භාරගන්නෙ
ප්‍රතික්ශේප කිරීමකුත්
සියයට ගානක් තියාගෙන,
පිළිනොගෙන බැරි නිසා..
නොකර බැරි නිසා...
සිහිය නැති වුනාම අපි වාද කරනවා
සිහියෙන් මිනිහෙකුට කරන්න
වාදයක් නෑ හිතත් එක්ක..
කොච්චර දේවල් පිළිනොගත්තත්
කාලයත් එක්ක අපිට පිළිගන්න වෙනවාමයි..
අසිහිය අපිව දුර ගමනක් එක්කගෙන ගිහින්..
විඳවන්න තැනක් සොයාගෙන..
මිනිහෙකුට සිහියෙන්
ඉන්නවට වඩා පහසුයි
ගුරුවරයාට භක්තිමත් වෙන එක,
විශ්වාසවන්තයෙක් වෙන එක..
එතකොට ඒ භක්තියේ නාමයෙන්
එයා පිළිගන්න පටන් ගන්නවා ජීවිතය..
අකමැති දේවල්
විශ්වාසයේ නාමයෙන්
භාරගන්නවා,
මොකද අපි ප්‍රතික්ශේප කරන
හැම තැනකම ඉන්නේ ගුරුවරයා...
කුමණ වේශයකින් වුවත් ගුරුවරයා
ඔබ ඉදිරියේ පෙනී ඉන්න පුලුවන්..
ඔබගේ සතුරා ගුරුවරයාගේ
වේශයෙන් ඔබ ළඟට එනවා,
ඔබට දඬුවම් කරන්නා
ගුරුවරයාගේ වේශයෙන් එනවා,
ඔබට අසාධාරණය කරන්නා
ගුරුවරයාගේ වේශයෙන්
ඔබ ළඟට පැමිණෙනවා,
ඒ ඔබේ ආත්මයට යුක්තිය ඉටුකරන්න..
ඒ හැම වෙලාවේම මිනිහෙක්
සිහියෙන් හිටියොත්
සතුරාට වෛර කරන්න යන්නේ නෑ..
තේරුම් ගන්නවා විතරයි.
අහිමිවීම ප්‍රතික්ෂේප කරන්නේ නෑ
තේරුම් ගන්නවා විතරයි.
අහිමිවීම වෙනුවෙන් මානසිකව විඳවන්නේ
අතීතය ඇත්තක් කියල හිතන මිනිහෙක්..
කෙනෙක්ට විශ්වාසවන්ත
ගුරුවරයෙකු මුණගැසුනොත්
ඒක භාග්‍යයක්..
එළියට බැහැල ඇස් කන් ඇරගෙන
ජිවත් වෙන්න පටන්ගත්තම
විඳින විඳවන ලෝකයේ හැම තැනකම
ජීවමාන වෙන්නේ ගුරුවරයාගේ වචනය බව
වැටහුනොත් ඔහු භක්තිවන්තයෙක්..
වර්තමානය කොතරම් නපුරු වුණත්
ඒ භක්තියේ නාමයෙන් ඔහු
වර්තමානය ප්‍රතික්ෂේප කරන්නේ නෑ..
පිළිඅරන් නිහඬවෙන්න පටන් ගන්නවා..
ශ්‍රද්ධාව ඔබව සඳහටම නිහඬ වන තැනට
රැගෙන යනවා..
කෙනෙකුගේ ගුරුවරයා කෙරේ ඇති භක්තිය
උපරිම වන විට
ඔහු වර්තමානය තුළ ගිලී යනවා..
එතන ඔහුට තර්කයක් නැ..
එතන ඔහුට සසඳන්න යමක් නැ..
සිහියේ උපරිමය භක්තියයි
ඔබේ භක්තිය පරිපූර්ණ වන විට
ඔබ ගුරුවරයා හා එක් වී අවසන්..
ඒ තමයි
පිළිමයකින් නෙලන්න බැරි,
පිළිමයක් හා සමකරන්න බැරි,
හැඩතලයකට කොටුකරන්න බැරි..
විශ්වයේ සදාතනික ස්වරූපය
බුද්ධ..
ධම්මධර
Comments
Post a Comment