Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

අල්පේච්ඡතාවය


අල්පේච්ඡ බව ලෝකෙට පෙන්නන්න 
සෙරෙප්පු කබල් දෙකක් දමාගෙන, 
ඉරුනු සිවුරු පොරවමින් , 
රැවුල් කොන්ඩා වවාගෙන වන වැදිලා හිටියත්, 
ඒ මිනිසුන්ගේ සිත් තුළ තෘශ්ණාව අධික වෙන්න පුලුවන්, 

තෘශ්ණාව සැඟවී පවතින්නේ වෙලාව එනකල්,
 අවස්ථාව ආපු ගමන් සිතේ ස්භාවය එළියට එනවා,  

ඒත් අල්පේච්ඡ කියන්නේ එහෙම ජීවිතයකට නොවෙයි, 
නොබැඳී සිටීම තුළ අල්පේච්ඡ බව පවතිනවා, 

සත්‍ය කුමක් උවත්, සමාජයේ ඉල්ලුමක් තියෙන්නේ 
පෙන්නන්න දඟලන අල්පේච්ඡ තාවයට,
ඉතින් ඒක දන්න බොහෝ දෙනා අල්පේච්ඡ ජීවිතය පෙන්නලා 
i phone එකෙන් ඩයලොග් එක හරහා ටවුන් එක හා සම්බන්ධ වෙනවා 
ඉතිං ඒක කාටවත් පෙන්නේ නෑනේ.  
ඉන්නේ කැලේ, 
එයාලා  අල්පේච්ඡයි..
මුළු මහත් සමාජයම නමස්කාර කරන්නේ ඒකට..
ඒ ඔවුන්ගේ නොදැනුවත්කම 

කෝටි ගණනක් සල්ලි බැංකු පොතක දාල 
ඒ පොත දිහා බලල සතුටුවෙන මිනිස්සු 
කොච්චර නම් ඇද්ද?
ඒ සතුට තියෙන්නේ ඇතැයි කියල හිතන මානසික බැඳීම නිසා..
එහෙම සතුටු වෙච්ච මිනිස්සු පහුගියකාලේ ETI බංකොලොත් උනාම
විඳවපු විඳවිල්ල හැමෝම දකින්න ඇති .

ඉලක්කම් ටිකකට ඔවුන් 
සතුටු කරන්න පුළුවන් 
ඒ වගේම දුකට පත් කරන්නත් පුළුවන් 
ඒකට බැංකුවේ සල්ලි තියෙන්නම 
ඕන කියල එකක් නෑ.. 
මල විකාර 

භෞතික දේවල් දැකල, 
විදලා මවාගන්න චිත්‍ර 
යළිත් එළියට දාල බලනවිට 
ගැලපෙන්නේ නැති වුනාම 
මාර ප්‍රශ්නේ...
අපි හදාගන්න දේවල් මානසික සංකල්ප 

සමහර හිමිවරු බස් එකේ යනකොට 
සල්ලි අරන් යන්නේ නෑ 
ටිකට් පොතක් අරන් යනවා, 
ඒකට මිනිස්සු නම් කියන්නේ 
අල්පේච්ඡ හා සිල්වත්කම කියල 

මුදල විකාශනය වුණා, 
දැන් චෙක්, ණයපත්, QR method පවා 
ලෝකේ පාවිච්චි කරනවා 
එක රුපියලක් අතේ ගෑවෙන්නේ නෑ..

ඒ හැමෝම සිල්වත් ද, ? ....නෑ 

ඒ මුදල් වර්ග හැමෝම ආරක්ෂා කරනවා,  
හොරෙක් ගත්තොත් සේසතම 
ඉවර වෙන්නත් පුළුවන්,
ඒ වගේම අර හිමි නම ටිකට් පොත 
ආරක්ෂා කරන්න  ඕන, 
නැත්තම් බස් එකේ ගිහින් හමාරයි 

සල්ලි කොලේට දුන්න වටිනාකම 
ටිකට් පොතට ආරෝපණය වෙලා තියෙන්නේ 
මොකද කලින් උපාසක මහත්තයෙක්
 ඩිපෝ කාර්යාලයෙන් 
සල්ලි දීලා තමයි ඔය පොත ගන්නේ 
ඇත්තටම ඒ තමයි සල්ලි...

බැංකු ක්‍රමය ඇතිවුන විදිය ගැන දන්න 
කෙනෙක්ට ඔය කතාව සරලව තේරෙනවා 
සමහරු නොතේරුනා වගේ ඉන්නවා, 
ඒකට ශ්‍රද්ධාව කියල හිතෙන්න පුළුවන් 
අවුලකට තියෙන්නේ මහබැංකුවෙන් අච්චු ගහන්නේ නැති එක විතරයි 
නැත්තන් ටොෆි කන්නත් පුළුවන් ඒවා දීලා
(කැම්පස් එකේ කැන්ටිමෙන් මොනවා 
හරි ගත්තම ඉතුරු සල්ලි වෙනුවට කාඩ්බෝඩ් කෑල්ලක සීල් එක ගහල දෙනවා 
ගාන ලියලා, ඒවත් සල්ලි තමයි, 
අඩුවක් කන්න පුළුවන් එකතු කරගත්තම - කැම්පස් ගිය අය දනී )

ප්‍රශ්නේ තියෙන්නේ සල්ලිවල නෙමෙයි, 
බැඳීමේ... 

නැතිකම හෝ පාවිච්චි නොකර සිටීම  අල්පේච්ඡ බව නෙමෙයි.
නොබැඳී සිටීම අල්පේච්ඡ බවයි....

සල්ලි, යාන වාහන තියන කෙනෙක් කියන්න පුළුවන් 
මම අල්පේච්ඡ, සියල්ල අතහැරපු මිනිහෙක් කියල 
සමාජය ඒක අහල හිනාවෙන්න වෙනම කාලය වෙන් කරගන්නවා 
ඒ තරම් විහිළු සහගතයි.

“මෙච්චර දේවල් තියාගෙන බොරු කියනවනේ මේ මනුස්සයා.”
ගොඩක් මිනිස්සු චෝදනා කරනවා. 
ඇති නැති පරතරය,
අදායම් ව්‍යාප්ති විෂමතාවය 
මිනිස්සු මානසික වශයෙන් දුප්පතුන් කරලා
 
දුගී මනුස්සයෙක්ට නිධානයක් හම්බුනොත් 
ඔහු ඒක ඉතාම කැමැත්තෙන් පිළිගන්නවා පමණක් නොවෙයි 
ඔහු ඒකට අයිතිකරකමක් හදාගන්නවා 
එදා ඉඳල ඔහු ආයෙත් දුප්පතෙක් වෙනවා. 

මිනිස්සු මනින්නේ භාහිරින් 
ඒක කමක් නෑ කියමුකෝ, 
ඔවුන්ගේ ප්‍රශ්නයක්..
ඒ වුනත් ඔවුන් හැමදාම ජීවත් වෙන්නේ 
අර දුප්පත් මානසික තලය තුළ,
ඒක තමයි සාපය...

ගෞතම බුදුන් වහන්සේ දේශනා කරනවා මිගජාල භික්ෂුවට 
තනියම ඉන්නවා කියන්නේ මොකද්ද කියල, 
“කෙනෙක් කැලේට ගියත් 
පරණ දේවල් (බැඳීම්) මතකයට ඇවිත් වද දෙනවනම් 
ඔහුළග දෙවැන්නෙක් ඉන්නවා, “

“තවත් කෙනෙක් නගරයේ, ග්‍රාමයේ කිසිවකට කම්පා නොවී 
චලනය නොවී , නොබැඳි ඉන්නවනම් ඔහු ඒක විහාරි ( තනියම ඉන්න කෙනෙක් )
වෙනවා.”  

///මිගජාල සුත්‍රය හොයාගෙන කියවන්න ///

ප්‍රශ්නය බැඳීම.. 
ඔබ ඒ බැඳීම, බැඳීම ලෙස දකින්න 
එවිට බැඳීම් කරදියට හසු වූ යකඩ මෙන් දිය වී යන්න පටන් ගන්නවා ඇත.
එවිට ඉන්න තැන, පාවිච්චි කරන වාහනය අදාළ නැත. 
සියල්ල ඇති තැන දැහැන් ගත වන්න
එවිට, ඔබේ සිතට සැනසීම ගලාඒවි...

ධම්මධර

Comments

Popular posts from this blog

අපිට යන්න වෙන වෙනම පාරවල් පවතිනවා

අපිට යන්න වෙන වෙනම  පාරවල් පවතිනවා  තමන් යන්නේ තමන්ට අයිති මාර්ගයක  ඇතැම් වෙලාවට  තවත් අය එකතුකරන්  තමන්ගේ ගමනය යන්න අපි  උත්සාහ කළත්,  ඒක සාර්ථක එකක් වෙන්නේ නැ  මොකද ඒ හැමතැනකම තියෙන්නේ  එකිනෙකාගේ පෞද්ගලික ඉලක්ක.. ඒ හැම එකක්ම සමාන වෙන්නේ  ආරම්භයේ දී පමණයි..  ඒ නිසා තමයි ආපසු හැරිලා බැලුවම  සියලු හිමිවීම් සහ හමුවීම්  අද අප සමීපයේ නොපවතින්නේ,  එවැනි තත්වයක්   දැන් නොවුණත් හෙටදිනයේ හෝ එළඹීම  ස්වාභාවිකයි.. ඔබට හමුවෙන ඕනෑම දෙයක්  ඔබෙන් සමුගැනීමට නියමිතයි  ඒක නියතයක්  ඔවුන් ඔබව හමුවීමට  ඔබේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිට  අවසරයෙන් ඇතුල්වන අතර  ඔවුන් පිටව යාමට කිසිදිනක ඔබේ අවසරය නොවිමසයි. එබැවින් ඇතුළ් වූ පසුවත්   ගේට්ටුව විවෘත කොටම තබන්න  ඒ තුළින් අපට ලෝකය දැකිය හැකියි.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

සුව නින්ද

සොබාදහම ඔබව අවදි  කිරීමට වෑයම් කරමින් සිටියි  ඔබ, සුව බර නින්දක් උදෙසා  පොරබදිමින් සිටියි. සුව නින්ද අතරතුර  ඔබට පෙනෙන සිහින,  අමිහිරි ජිවිතය පිළිබඳ ඉඟි ලබාදෙයි. එහෙත්,   මිල මුදල්,  ආදරණිය බැඳීම් සහ  ඔබ කැමතිම දේවල්  ඔබව අවධි නොකොට  සුව නින්දක් ලබාදීමට  උත්සාහ කරයි. අසාර්ථක වෑයමක අවසානයේ  නියතයක් වන, අවධි වීම සඳහා වූ සංඥාව,  සාපයක් ලෙස දකින මිනිසුන්  සෑම රාත් ‍ රියකම  බියෙන් හා සැකයෙන් නින්දට යයි. මේ සුව නින්ද ගැන මතකය  ඔබව රිද්දවන කාලයකි, ඔබව කූද්දන්නා  ඔබ සමීපයට පැමිණ ඇත. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

ඔහු ඉවසිලිවන්තයි..

  මාව සොයාගෙන කෙනෙක් ඇවිත්  ඒත් මම දැනගෙන හිටියේ නෑ  ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල  මාත් එක්ක තේ බීලා, ඔහුට මා හමු වුණාට  මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ  ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට  මා සොයා ඔහු එන බවක් මා විශ්වාස කළේ නෑ,  එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා  මම ඔහු ගැන අමතක කර දැම්මේ  ඇයිද කියා හෝ මට මතකයක් නෑ  මගේ ඇස්..  ඒ තරම් ම විසිතුරු ලෝකයක  මාව අතරමං කළා..  හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ  ඔහු සැඟවෙලා ඉඳලා  ඒ නිසයි ඒවා එතරම් ලස්සන  ඔහුට එන්න තියෙන පාරවල්  සේරම වහල, මම මගේ ලෝකේ  වර්ණවත් කළා.. ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න  උත්සාහ කරලා නෑ.. මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න  ඔහු ඉවසිලිවන්තයි.. ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්  ඉදිරියෙන් ඉඳල, මගේ සියලු ජයග් ‍ රහණවල අයිති කරු ඔහු.. හැම විටම ඒ ජයග් ‍ රහණවල පරාජිතයා මම..  මම හිනාවුණ හැම මොහොතකම  ඔහු අඬන්න ඇති, මම හඬාවැටුණ හෑම දවසකම  ඔහු හිනා වෙන්න ඇති.. ඔහුගේ එම භාෂාව  අපව සැණෙකින් නවතා දමනවා.. ඔහුගේ හමුවීම  ඔහ...