Skip to main content

Posts

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
Recent posts

අපිට යන්න වෙන වෙනම පාරවල් පවතිනවා

අපිට යන්න වෙන වෙනම  පාරවල් පවතිනවා  තමන් යන්නේ තමන්ට අයිති මාර්ගයක  ඇතැම් වෙලාවට  තවත් අය එකතුකරන්  තමන්ගේ ගමනය යන්න අපි  උත්සාහ කළත්,  ඒක සාර්ථක එකක් වෙන්නේ නැ  මොකද ඒ හැමතැනකම තියෙන්නේ  එකිනෙකාගේ පෞද්ගලික ඉලක්ක.. ඒ හැම එකක්ම සමාන වෙන්නේ  ආරම්භයේ දී පමණයි..  ඒ නිසා තමයි ආපසු හැරිලා බැලුවම  සියලු හිමිවීම් සහ හමුවීම්  අද අප සමීපයේ නොපවතින්නේ,  එවැනි තත්වයක්   දැන් නොවුණත් හෙටදිනයේ හෝ එළඹීම  ස්වාභාවිකයි.. ඔබට හමුවෙන ඕනෑම දෙයක්  ඔබෙන් සමුගැනීමට නියමිතයි  ඒක නියතයක්  ඔවුන් ඔබව හමුවීමට  ඔබේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිට  අවසරයෙන් ඇතුල්වන අතර  ඔවුන් පිටව යාමට කිසිදිනක ඔබේ අවසරය නොවිමසයි. එබැවින් ඇතුළ් වූ පසුවත්   ගේට්ටුව විවෘත කොටම තබන්න  ඒ තුළින් අපට ලෝකය දැකිය හැකියි.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

සීමාව

භෞතික ලෝකය තුළ  හැමදේකටම සීමාවක් පවතිනවා.  එහෙත් අපට අවශ් ‍ ය ඒ සීමාවෙන් එහා ස්පර්ශ කරන්න.. ඒ නිසා අපි වෙනස් කරල බලනවා පාට කරල බලනව.. අපි උත්සාහ කරන්නෙ  හැමදේම තියාගෙන සීමාව  අතික් ‍ රමණය කරන්න. එතන තමයි අපි  සතුට තියෙනවා කියල  හිතාගෙන ඉන්නෙ.. එහෙත් එතනට යන්න භෞතිකයම අපට හරස් වෙනවා, මිනිස්සු වයසට යනවා,  කාලයත් එක්ක හැමදේම  දුර්වල වෙන්න පටන් ගන්නවා,  එකතු කරගත්ත දේවල් දිරල යනවා.. ඒ කියන්නෙ මිනිසුන්ට භෞතික දේවල් අතික් ‍ රමණය කරල ඉවරයක් දකින්න වෙන්නෑ සතුටු වෙන්නත් බෑ.. කොහේ හෝ තැනකදී හිතින්ම අතහැරලා දාන්න  සිද්ධ වෙනවා.. අපි අපිම හිතට දාගත්ත සීමාව  තේරෙන්න පටන් ගත්තම තමයි භෞතික සීමාව අතික් ‍ රමණය වෙන්නෙ. එතන තමයි ගැලවීම පවතින්නෙ.. එතනදී මිනිස්සුන්ට ඇත්තටම හිනාවෙන්න පුළුවන්.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

සැඟව ඇති යමක්

සැඟව ඇති යමක් සෙවීමට  කාලය මිඩංගු නොකළ යුතුය  මක් නිසාද එය කාලයාගේ  උප්පරවැට්ටියකි..  ඔබ එය තේරුම් ගෙන  අහසේ වලාකුළු දෙස බලා   සුළඟේ පහස විදිය යුතුය. එවිට,   මොහොතකට කාලය පසු බසින අතර  සෙවීම අත්හල දෙය   ඔබට පෙනී නොපෙනී යනු ඇත දැනී නොදැනී යනු ඇත..  ඉන් අනතුරුව කාලයාගේ  උප්පරවැට්ටිය සතුටින්  භුක්ති විඳිය හැක.. සැබෑවටම ඔබට..  එක්වරක් පමණක්  සත් ‍ ය මුණගැසෙන අතර  එය සදහටම බොරුව සමඟ  ජිවත්වන රහස උගන්වා  අතුරුදන්ව යයි. Bhikkhu Dhamma Dhara #ddhara   #spiritual    

සිනහව

ඔබෙත් මගෙත්  තාවකාලික නවාතැනෙහි  අවසන් හෝරා කිහිපය  ගතවෙන මේ මොහොතේ  අප කුමක් සඳහා  වෙහෙස වන්නද? එහෙත්, අවසානය නියමයක් නොමැති දිනක  ලියැවී ඇතැයි සිතෙන අපට  බොහෝ කෘත් ‍ යයන් උදෙසා  කාලය වෙන්කරවා ගැනීම අසීරු වෙහෙසකර ක් ‍ රියා-වලියකි. එහිදී.. ඔබට මග හැරෙන යමක් වේ නම්  ඒ ඔබේ “සිනහවයි”   Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

විශ්වාසවන්ත

ඔබ සොයා යන්නේ විශ්වාස කළ හැකි යමකි නමුත් ඔබට ලැබෙන, හමුවන සෑම තැනකම  විශ්වාසය ආලේපකොට අවිශ්වාසය නිදන් කොටතබා ඇත.  එනම්.. විශ්වාසවන්ත ලෙස ඔබට මුණගැසෙන යමක් වේ නම්  එය අනෙක්පස ,  අවිශ්වාසය සඟවා ඇත.  මගහැර යාමෙන් ඵලක් නැත  ඔබට මුණගැසෙන  සෑම දෙයකම ප් ‍ රතිඵලය  එක සමානය ... දැනුවත් වීම මත ගණුදෙනුවල නිරතවන්න එවිට විශ්වාස කිරීමට දරණ  අසීමිත වෙහෙස  යළිත් අපට අවශ් ‍ ය නොවනු ඇත.. #ddhara   #spiritual     Bhikkhu Dhamma Dhara    

ඔහු ඉවසිලිවන්තයි..

  මාව සොයාගෙන කෙනෙක් ඇවිත්  ඒත් මම දැනගෙන හිටියේ නෑ  ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල  මාත් එක්ක තේ බීලා, ඔහුට මා හමු වුණාට  මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ  ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට  මා සොයා ඔහු එන බවක් මා විශ්වාස කළේ නෑ,  එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා  මම ඔහු ගැන අමතක කර දැම්මේ  ඇයිද කියා හෝ මට මතකයක් නෑ  මගේ ඇස්..  ඒ තරම් ම විසිතුරු ලෝකයක  මාව අතරමං කළා..  හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ  ඔහු සැඟවෙලා ඉඳලා  ඒ නිසයි ඒවා එතරම් ලස්සන  ඔහුට එන්න තියෙන පාරවල්  සේරම වහල, මම මගේ ලෝකේ  වර්ණවත් කළා.. ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න  උත්සාහ කරලා නෑ.. මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න  ඔහු ඉවසිලිවන්තයි.. ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්  ඉදිරියෙන් ඉඳල, මගේ සියලු ජයග් ‍ රහණවල අයිති කරු ඔහු.. හැම විටම ඒ ජයග් ‍ රහණවල පරාජිතයා මම..  මම හිනාවුණ හැම මොහොතකම  ඔහු අඬන්න ඇති, මම හඬාවැටුණ හෑම දවසකම  ඔහු හිනා වෙන්න ඇති.. ඔහුගේ එම භාෂාව  අපව සැණෙකින් නවතා දමනවා.. ඔහුගේ හමුවීම  ඔහුගෙන් දුරස් වීම ද එකවර සිදුවන අතර  ඔහු හමු නොවීම තුළ  තවමත් මගේ අයිතිය ඔහු සතුය..  මේ ආ ගමන නිමවෙන්න කලියෙන්  ඔහුගේ හමුවීම සිදුවන දවසට