ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
සැඟව ඇති යමක් සෙවීමට
කාලය මිඩංගු නොකළ යුතුය
මක් නිසාද එය කාලයාගේ
උප්පරවැට්ටියකි..
ඔබ එය තේරුම් ගෙන
අහසේ වලාකුළු දෙස බලා
සුළඟේ පහස විදිය යුතුය.
එවිට,
මොහොතකට කාලය පසු බසින අතර
සෙවීම අත්හල දෙය
ඔබට පෙනී නොපෙනී යනු ඇත
දැනී නොදැනී යනු ඇත..
ඉන් අනතුරුව කාලයාගේ
උප්පරවැට්ටිය සතුටින්
භුක්ති විඳිය හැක..
සැබෑවටම ඔබට..
එක්වරක් පමණක්
සත්‍ය මුණගැසෙන අතර
එය සදහටම බොරුව සමඟ
ජිවත්වන රහස උගන්වා
අතුරුදන්ව යයි.
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
කාලය මිඩංගු නොකළ යුතුය
මක් නිසාද එය කාලයාගේ
උප්පරවැට්ටියකි..
ඔබ එය තේරුම් ගෙන
අහසේ වලාකුළු දෙස බලා
සුළඟේ පහස විදිය යුතුය.
එවිට,
මොහොතකට කාලය පසු බසින අතර
සෙවීම අත්හල දෙය
ඔබට පෙනී නොපෙනී යනු ඇත
දැනී නොදැනී යනු ඇත..
ඉන් අනතුරුව කාලයාගේ
උප්පරවැට්ටිය සතුටින්
භුක්ති විඳිය හැක..
සැබෑවටම ඔබට..
එක්වරක් පමණක්
සත්‍ය මුණගැසෙන අතර
එය සදහටම බොරුව සමඟ
ජිවත්වන රහස උගන්වා
අතුරුදන්ව යයි.
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
Comments
Post a Comment