ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
මාව සොයාගෙන කෙනෙක් ඇවිත්
ඒත් මම දැනගෙන හිටියේ නෑ
ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල
මාත් එක්ක තේ බීලා,
ඔහුට මා හමු වුණාට
මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ
ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට
මා සොයා ඔහු එන බවක්
මා විශ්වාස කළේ නෑ,
එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා
මම ඔහු ගැන අමතක කර දැම්මේ
ඇයිද කියා හෝ මට මතකයක් නෑ
මගේ ඇස්..
ඒ තරම් ම විසිතුරු ලෝකයක
මාව අතරමං කළා..
හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ
ඔහු සැඟවෙලා ඉඳලා
ඒ නිසයි ඒවා එතරම් ලස්සන
ඔහුට එන්න තියෙන පාරවල්
සේරම වහල, මම මගේ ලෝකේ
වර්ණවත් කළා..
ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න
උත්සාහ කරලා නෑ..
මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න
ඔහු ඉවසිලිවන්තයි..
ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්
ඉදිරියෙන් ඉඳල,
මගේ සියලු ජයග්රහණවල අයිති කරු ඔහු..
හැම විටම ඒ ජයග්රහණවල පරාජිතයා මම..
මම හිනාවුණ හැම මොහොතකම
ඔහු අඬන්න ඇති,
මම හඬාවැටුණ හෑම දවසකම
ඔහු හිනා වෙන්න ඇති..
ඔහුගේ එම භාෂාව
අපව සැණෙකින් නවතා දමනවා..
ඔහුගේ හමුවීම
ඔහුගෙන් දුරස් වීම ද එකවර සිදුවන අතර
ඔහු හමු නොවීම තුළ
තවමත් මගේ අයිතිය ඔහු සතුය..
මේ ආ ගමන නිමවෙන්න කලියෙන්
ඔහුගේ හමුවීම සිදුවන දවසට..
මේ ලොව උත්කර්ෂවත්ම
සාදය පැවැත්වෙනු ඇත..
නැතහොත් ඔහු සොයා
යළිත් මෙහි පැමිණීම
සිදුවිය යුතුය...
#ddhara #spiritual
Bhikkhu Dhamma Dhara
ඒත් මම දැනගෙන හිටියේ නෑ
ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල
මාත් එක්ක තේ බීලා,
ඔහුට මා හමු වුණාට
මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ
ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට
මා සොයා ඔහු එන බවක්
මා විශ්වාස කළේ නෑ,
එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා
මම ඔහු ගැන අමතක කර දැම්මේ
ඇයිද කියා හෝ මට මතකයක් නෑ
මගේ ඇස්..
ඒ තරම් ම විසිතුරු ලෝකයක
මාව අතරමං කළා..
හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ
ඔහු සැඟවෙලා ඉඳලා
ඒ නිසයි ඒවා එතරම් ලස්සන
ඔහුට එන්න තියෙන පාරවල්
සේරම වහල, මම මගේ ලෝකේ
වර්ණවත් කළා..
ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න
උත්සාහ කරලා නෑ..
මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න
ඔහු ඉවසිලිවන්තයි..
ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්
ඉදිරියෙන් ඉඳල,
මගේ සියලු ජයග්රහණවල අයිති කරු ඔහු..
හැම විටම ඒ ජයග්රහණවල පරාජිතයා මම..
මම හිනාවුණ හැම මොහොතකම
ඔහු අඬන්න ඇති,
මම හඬාවැටුණ හෑම දවසකම
ඔහු හිනා වෙන්න ඇති..
ඔහුගේ එම භාෂාව
අපව සැණෙකින් නවතා දමනවා..
ඔහුගේ හමුවීම
ඔහුගෙන් දුරස් වීම ද එකවර සිදුවන අතර
ඔහු හමු නොවීම තුළ
තවමත් මගේ අයිතිය ඔහු සතුය..
මේ ආ ගමන නිමවෙන්න කලියෙන්
ඔහුගේ හමුවීම සිදුවන දවසට..
මේ ලොව උත්කර්ෂවත්ම
සාදය පැවැත්වෙනු ඇත..
නැතහොත් ඔහු සොයා
යළිත් මෙහි පැමිණීම
සිදුවිය යුතුය...
#ddhara #spiritual
Bhikkhu Dhamma Dhara
Comments
Post a Comment