Skip to main content

Posts

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

මහා මෛත්‍රෙය

අපිට හැමදාම සත්‍ය කියන්නේ  අපිත් එක්ක, එකම රේස් එක   දුවන මිනිහෙක් නෙමෙයි,  රේස් එක දුවනවා කියල, අපට පෙන්වලා නැවතිලා ඉන්න මිනිහෙක්,    ඔහු කළ අසීමිත කැපකිරීම ඔබ කවදා හෝ දැනගත යුතුමයි,  එහෙත් එම කැපකිරීම ඔබ වටහාගන්නා දිනට ඔබට,  ඔහු වෙනුවෙන් ස්තූතී ගායනා කළ නොහැක,  ඒ ඔබේ ගුරුවරයායි,  ඔහු නොදකින දේ ඔබට කියනු ඇත,  ඔහු නොඅසන දේ ඔබට කියනු ඇත,  එතුළින් ඔබේ මාර්ගය වැටී ඇත. එතැනට ගමන් කළ විට ඔහු එතන නැත, ඔහු නොදැක්ක සහ නොඇසූ දේ  ඔබ දකිනු හා අසනු ඇත.... 🙏 නමඃ සර්වතෝභද්‍රං  ධම්මධර

ශ්‍රද්ධාවේ උපරිමය

මේ තියෙන්නෙ  අවසිහියෙන් ඉන්නකොට  අපිට පේන දේවල්,  අව සිහියෙන් ඉන්නකොට  අපිට ඇහෙන දේවල්.. අවසිහිය, සිහිය වෙලා  සියයට සියයක් වුනොත් අපි Disappear වෙලා යනවා.. කවදාවත් මේ ලෝකය තුළ  100% සිහිය තියන්න බෑ,  එහෙම වුනොත්  මේ ලෝකයේ ඔබ නෑ.. අපි මේ ලෝකේ දේවල් භාරගන්නෙ  ප්‍රතික්ශේප කිරීමකුත්  සියයට ගානක් තියාගෙන,  පිළිනොගෙන බැරි නිසා.. නොකර බැරි නිසා... සිහිය නැති වුනාම අපි වාද කරනවා  සිහියෙන් මිනිහෙකුට කරන්න  වාදයක් නෑ හිතත් එක්ක.. කොච්චර දේවල් පිළිනොගත්තත්  කාලයත් එක්ක අපිට පිළිගන්න වෙනවාමයි.. අසිහිය අපිව දුර ගමනක් එක්කගෙන ගිහින්.. විඳවන්න තැනක් සොයාගෙන.. මිනිහෙකුට සිහියෙන්  ඉන්නවට වඩා පහසුයි  ගුරුවරයාට භක්තිමත් වෙන එක,  විශ්වාසවන්තයෙක් වෙන එක.. එතකොට ඒ භක්තියේ නාමයෙන් එයා පිළිගන්න පටන් ගන්නවා ජීවිතය.. අකමැති දේවල්  විශ්වාසයේ නාමයෙන්  භාරගන්නවා, මොකද අපි ප්‍රතික්ශේප කරන හැම තැනකම ඉන්නේ ගුරුවරයා... කුමණ වේශයකින් වුවත් ගුරුවරයා ඔබ ඉදිරියේ පෙනී ඉන්න පුලුවන්..  ඔබගේ සතුරා ගුරුවරයාගේ  වේශයෙන් ඔබ ළඟට එනවා, ඔබට දඬුවම් කරන්නා  ගුරුවරයාගේ වේශයෙන් එනවා, ඔබට අසාධාරණය කරන්නා   ගුරුවරයාගේ වේශයෙන්  ඔබ ළඟට පැමි...

අසමත්වීම

අප ප්‍රතික්ෂේප වීම් මගහැර  වැළඳගැනීම් සොයා යන්නෙමු! එහෙත්... ඔවුන් අපව වැළඳගන්නවා වෙනුවට  අපගේ වෘත්තීය,  අධ්‍යාපන සුදුසුකම්  කුලය,  ආගම සහ ධනවත්කම  වැළඳගැනීමට මගබලා සිටිති.. ඔබේ තරම ලොවට ප්‍රකට කළ  එම සළුපිලි ගැලවී නිරුවත් වූ කළ  ඔබව සිප වැළඳ ගැනීමට  යමෙක් මෙලොව නොවන්නේය.. එය දැක,  සංවේගය උපදවාගත යුතුය.  ඔබේ ගමන, විමුක්තිය  උදෙසායි.. ඒ අතරතුර, සමත් වීම ඉතා දුලබ වන අතර    අසමත් වීම් හා  ප්‍රතික්ෂේප වීම්   ඉතා සුලබ වනු ඇත.. ප්‍රර්ථනා නොකළ දුක්ඛිත වූ ප්‍රතික්ෂේප වීම්  තුළින්  ජීවිතය කියැවීම  පටන්ගන්න. දැන්, ඔබේ පරීක්‍ෂණය  අසමත්වීම්,  ප්‍රතික්ෂේප වීම් සහ වෙන්ව යෑම්, මත ගොඩනගන්න..  එවිට, බොහෝ අසමත්වීම් සහ  ප්‍රතික්ෂේප වීම් ලබන්නාම, ඉතා පහසුවෙන්  තම පර්යේෂණය සාර්ථක  කර ගනියි... ධම්මධර #DDhara #Spiritual #Buddhism

අල්පේච්ඡතාවය

අල්පේච්ඡ බව ලෝකෙට පෙන්නන්න  සෙරෙප්පු කබල් දෙකක් දමාගෙන,  ඉරුනු සිවුරු පොරවමින් ,  රැවුල් කොන්ඩා වවාගෙන වන වැදිලා හිටියත්,  ඒ මිනිසුන්ගේ සිත් තුළ තෘශ්ණාව අධික වෙන්න පුලුවන්,  තෘශ්ණාව සැඟවී පවතින්නේ වෙලාව එනකල්,  අවස්ථාව ආපු ගමන් සිතේ ස්භාවය එළියට එනවා,   ඒත් අල්පේච්ඡ කියන්නේ එහෙම ජීවිතයකට නොවෙයි,  නොබැඳී සිටීම තුළ අල්පේච්ඡ බව පවතිනවා,  සත්‍ය කුමක් උවත්, සමාජයේ ඉල්ලුමක් තියෙන්නේ  පෙන්නන්න දඟලන අල්පේච්ඡ තාවයට, ඉතින් ඒක දන්න බොහෝ දෙනා අල්පේච්ඡ ජීවිතය පෙන්නලා  i phone එකෙන් ඩයලොග් එක හරහා ටවුන් එක හා සම්බන්ධ වෙනවා  ඉතිං ඒක කාටවත් පෙන්නේ නෑනේ.   ඉන්නේ කැලේ,  එයාලා  අල්පේච්ඡයි.. මුළු මහත් සමාජයම නමස්කාර කරන්නේ ඒකට.. ඒ ඔවුන්ගේ නොදැනුවත්කම  කෝටි ගණනක් සල්ලි බැංකු පොතක දාල  ඒ පොත දිහා බලල සතුටුවෙන මිනිස්සු  කොච්චර නම් ඇද්ද? ඒ සතුට තියෙන්නේ ඇතැයි කියල හිතන මානසික බැඳීම නිසා.. එහෙම සතුටු වෙච්ච මිනිස්සු පහුගියකාලේ ETI බංකොලොත් උනාම විඳවපු විඳවිල්ල හැමෝම දකින්න ඇති . ඉලක්කම් ටිකකට ඔවුන්  සතුටු කරන්න පුළුවන්  ඒ වගේම දුකට පත් කරන්නත් පුළුවන්  ඒකට බැංකුවේ සල්ලි තියෙන්නම  ඕන කියල එකක් නෑ..  මල විකාර  භෞ...

මහා මෛත්‍රෙය

ඒ වෙනුවෙන් මොකුත් කරන්න එපා, ඒ වෙනුවෙන් මොකුත් කරන්න තරම් ඒක  වටින එකක් නෙමෙයි,  ඒක අපේ පුරුද්ද, වටින දේවල් වෙනුවෙන්  මොකක්හරි කරන එක, සමහර දේවල් තියනවා  මිලක් නියමකලොත් වටිනකම නැතිවෙන... ඒ ගැන කතා නොකර අපි  ඒ ගැන කියමු... ඒ කොහොමද? ඒ ගැන නොකියා   වටපිටාව දෙස ඇස් ඇරලා බලමු එතකොට එලිය වැටෙන තැන්  අඳුරු තැන් අපට පෙනෙයි.. එච්චරයි! පෙනෙන හැම එකක්ම  ඒක නෙමෙයි. නොපෙනෙන හැම  එකක්මත් ඒක නෙමෙයි. ආයාස වෙන තරටමට  පේන, නොපෙනන දේවල් වැඩියි  මහන්සියි..! මෛත්‍රෙය දකින්න  අවුරුදු 13 භාවනා කරලා  මෛත්‍රෙය නොදැක ආපහු එනකොට  ඉඳි කට්ටක් හදන්න  මහා යකඩයක් පිහාට්ටකින්  පිස දමමින් ඉන්න මිනිහෙක් දැකල, තමන්ගේ ඉවසීම ගැන දුක හිතිලා,   ආපසු වසර තුනක් භාවනා යෝගී වුණ  අසංග මුණිවරයාගේ ඉවසීම පූර්ණ වන්නේ  මහා මෛත්‍රෙය ගැන අදහස අතහැර භාවනාවෙන් මිදිලා  යළි පැමිණෙන අවස්ථාවේ   බැල්ලියකගේ පණුවන් දැමු තුවාලය  සුවපත් කරන විටයි... ඔහුට මහා මෛත්‍රය හමුවන්නේ එතැනයි .. නොයිවසීම කියන්නෙම  අපි ගොඩක් දේවල් වලට  ලොකු අගයක් දීලා තියනවා කියන එක.. ප්‍රතිපත්ති, සිල් මේ හැම එකකින්ම කියන්නේ  වටිනකමක් නොදෙන්න ඕන දෙයකට  අගයක් එකතු කරලා කියල,...

තෝරාගැනීම

මිනිසා, සීමිත වූ අවශ්‍යතා සපුරාගැනීම සඳහා යොදාගන්නා අසීමාන්තික වුවමනා අතර තෝරාගැනීමේ ගැටළුවකට මුහුණ දී ඇත, තෝරාගැනීමේදී විකල්ප අවස්ථාවන්වලින් වඩාත් සුදුසු විකල්පය තේරීම කළයුතු වුවත් අදායම් ව්‍යාප්ති විෂමතාවය නිසාවෙන් විවිධාකාර වූ ක්‍රය ශක්තීන් යටතේ (මිලදී ගැනීමේ හැකියාව) අවසන් විකල්පය ජීවිතය ලෙස පිළිගැනීමට මිනිසාට සිද්ධවනු ඇත.. තවද, සියලු අවශ්‍යතා සපුරාගැනීම සඳහා පවතින සම්පත් සිමා වීම තුළින් ඇතිවන "හිඟකම"නිසා  කරන කැපකිරීම් වල  වෙහෙසකර බව නිසාත්,   එක් අවශ්‍යතාවයක් ඉටුකරගත් පසු  එයින් ව්‍යුත්පන්න වූ  ආවස්ථික පිරිවැය ලෙස  කැපකළ ඊළඟට තිබු හොඳම විකල්ප අවස්ථාව  ගැන නිතර, නිතර කරන  කල්පනාව නිසාත්,  යම් අවශ්‍යතාවයක්  සපුරගැනීමෙන් පසුව ඇතිවන  හීනවන ආන්තික උපයෝගිතාවය  හේතුවෙන් මිනිසා මුහුණ දෙන  මානසික කඩාවැටීම් නිසාත්  මිනිසාගේ ඒකපුද්ගල  සංතෘෂ්ටික දර්ශකය  ක්‍රමයෙන් හීන වන  අගයක් ගනිමින් පවතියි... කුඩා කළ සිට  ක්‍රම ක්‍රමයෙන්   වෙළඳපොළ වෙත සංක්‍රමණය වන  මිනිසා... සැපයුමේ වටිනාකමට සාපේක්ෂව  ඉතා ඉහළ ඉල්ලුමක් බලාපොරොත්තුවෙන්  තම ජිවන කුසලතා  ඉහළ නැංවීමට සමත් වුවත්    වයසට යෑම  රෝගීවීම  බ...

අහස

කළු වලාකුළු අපෙන් සඟවනවා ඒ තමයි පැහැදිලි නිල් අහස, මම ඒ කළුවර අහස දිහා බලලා  දුක් වුනේ නෑ.. තව ටිකකින්  අකුණු ගහල වහීවි  වලාකුළු බර අහස  දිහා බලලා දුක් නොවන්න  උන්වහන්සේ  මට උගන්වලා තිබුණා  එදාම හවස  දරාගෙන ඉන්නම බැරිව  පැයගානක් වලාකුළු  වැස්ස වෙලා පොළාවට  වැටෙන්න පටන් ගත්තා,  මහ වැස්සෙන් පස්සේ  නිල් අහස දිහා බලල  මම සතුටු වුනෙත් නෑ.. තව ටිකකින්  කළු වලාකුළු වලින්  මුළු අහසම  අඳුරු වේවි.. උන්වහන්සේ මට කියල තිබුණා.. ඉන්පස්සේ  මම අහස දිහා බැලුව විතරයි.  අයිතිකරගන්න ගියේ නෑ... ධම්මධර