Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

මහා මෛත්‍රෙය



ඒ වෙනුවෙන් මොකුත් කරන්න එපා,
ඒ වෙනුවෙන් මොකුත් කරන්න තරම් ඒක 
වටින එකක් නෙමෙයි, 

ඒක අපේ පුරුද්ද,
වටින දේවල් වෙනුවෙන් 
මොකක්හරි කරන එක,
සමහර දේවල් තියනවා 
මිලක් නියමකලොත් වටිනකම නැතිවෙන...
ඒ ගැන කතා නොකර අපි 
ඒ ගැන කියමු...

ඒ කොහොමද?

ඒ ගැන නොකියා  
වටපිටාව දෙස ඇස් ඇරලා බලමු
එතකොට එලිය වැටෙන තැන් 
අඳුරු තැන් අපට පෙනෙයි..
එච්චරයි!

පෙනෙන හැම එකක්ම 
ඒක නෙමෙයි.
නොපෙනෙන හැම 
එකක්මත් ඒක නෙමෙයි.

ආයාස වෙන තරටමට 
පේන, නොපෙනන දේවල් වැඩියි 
මහන්සියි..!

මෛත්‍රෙය දකින්න 
අවුරුදු 13 භාවනා කරලා 
මෛත්‍රෙය නොදැක ආපහු එනකොට 
ඉඳි කට්ටක් හදන්න 
මහා යකඩයක් පිහාට්ටකින් 
පිස දමමින් ඉන්න මිනිහෙක් දැකල,
තමන්ගේ ඉවසීම ගැන දුක හිතිලා,  
ආපසු වසර තුනක් භාවනා යෝගී වුණ 
අසංග මුණිවරයාගේ ඉවසීම පූර්ණ වන්නේ 
මහා මෛත්‍රෙය ගැන අදහස අතහැර
භාවනාවෙන් මිදිලා 
යළි පැමිණෙන අවස්ථාවේ  
බැල්ලියකගේ පණුවන් දැමු තුවාලය 
සුවපත් කරන විටයි...
ඔහුට මහා මෛත්‍රය හමුවන්නේ එතැනයි ..

නොයිවසීම කියන්නෙම 
අපි ගොඩක් දේවල් වලට 
ලොකු අගයක් දීලා තියනවා කියන එක..

ප්‍රතිපත්ති, සිල් මේ හැම එකකින්ම කියන්නේ 
වටිනකමක් නොදෙන්න ඕන දෙයකට 
අගයක් එකතු කරලා කියල,
ඒක තමයි නොයිවසිම...

සිතින් අත්හැර දමන්න, 
එවිට ඉවසීම පූර්ණ වෙනවා..
නැතිනම්...
අපි මෛත්‍රෙය සොයනවා
කෙළවරක් නැතුවම..

මෛත්‍රිය අපි ළඟම ඉන්නවා..

ධම්මධර


#DDhara #Spiritual

Comments

Popular posts from this blog

මගේ නොවුන පරිඝනකය

ඉස්සර මට ලැප්ටොප් එකක් ගන්න සල්ලි නැතුව ගොඩක් කල්පනා කරා, මටම කියල එකක් ගන්න විදියක් ගැන ගොඩක් හීන දැක්ක. මට සතුටක් තිබ්බේ ඒක මගේම වෙනවට.. එත් මම හිතුවේ නෑ. මගේම වෙනවා කියල ඔප්පු කරන්න ලැබෙන සාක්ෂිය මොකද්ද කියල, ඇත්තටම මගේම එකක් මට කවදාවත් ලැබුණේ නෑ.. අනුන්ගේ ඒවා නම් මට ඕන තරම් ලැබුණා පාවිච්චි කරන්න, IT lab එකේ රෑ හත අට වෙනකල් මට අවස්ථාව තිබ්බා.. ඒත් මටම එකක් නැති නිසා මම තෘප්තිමත් උනේ නැ.. අද වෙනතුරුත් මටම කියල ලැප් එකක් නෑ ඒ වුනාට මට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටර් පහක් විතර තියෙනවා.. ඉස්සර වගේම.. ඒත් ඒ එකක්වත් මගේ නෙමෙයි. මට අයිතියක් නෑ.. මට අයිතියි කියල පෙන්වන්න සක්ෂියකුත් නෑ.. පාවිච්චි කරන්න විතරයි තියෙන්නේ ඉතිං ඒ ඇතිනේ.. පහක් තිබ්බත් එක වෙලාවකට කොහොමත් එකයි පාවිච්චි කරන්න වෙන්නේ.. කිසිම දෙයක් තමන්ට අයිතියි කියල ඔප්පුකරන්න මේ මුළු ජීවිතේම කොල කෑල්ලකට එහා දෙයක් හමුවෙන්නේ නෑ, කොලේ දිහා බලලා සන්තෝෂ වෙන්න යන්න එපා අයිතිවාසිකම අපි හිතින් මවාගත්ත එකක්.. ඒක වෙනස් වෙනවා, මවාගත්ත එකකට සතුටු වෙන එක ප්‍රායෝගික ද🤔🤔 ඒ නිසා සතුටින් පාවිච්චි කරන්න සතුටින් හැරයන්න… ඒක කරන්න පුළුවන...

අපිට යන්න වෙන වෙනම පාරවල් පවතිනවා

අපිට යන්න වෙන වෙනම  පාරවල් පවතිනවා  තමන් යන්නේ තමන්ට අයිති මාර්ගයක  ඇතැම් වෙලාවට  තවත් අය එකතුකරන්  තමන්ගේ ගමනය යන්න අපි  උත්සාහ කළත්,  ඒක සාර්ථක එකක් වෙන්නේ නැ  මොකද ඒ හැමතැනකම තියෙන්නේ  එකිනෙකාගේ පෞද්ගලික ඉලක්ක.. ඒ හැම එකක්ම සමාන වෙන්නේ  ආරම්භයේ දී පමණයි..  ඒ නිසා තමයි ආපසු හැරිලා බැලුවම  සියලු හිමිවීම් සහ හමුවීම්  අද අප සමීපයේ නොපවතින්නේ,  එවැනි තත්වයක්   දැන් නොවුණත් හෙටදිනයේ හෝ එළඹීම  ස්වාභාවිකයි.. ඔබට හමුවෙන ඕනෑම දෙයක්  ඔබෙන් සමුගැනීමට නියමිතයි  ඒක නියතයක්  ඔවුන් ඔබව හමුවීමට  ඔබේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිට  අවසරයෙන් ඇතුල්වන අතර  ඔවුන් පිටව යාමට කිසිදිනක ඔබේ අවසරය නොවිමසයි. එබැවින් ඇතුළ් වූ පසුවත්   ගේට්ටුව විවෘත කොටම තබන්න  ඒ තුළින් අපට ලෝකය දැකිය හැකියි.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

තෝරාගැනීම

මිනිසා, සීමිත වූ අවශ්‍යතා සපුරාගැනීම සඳහා යොදාගන්නා අසීමාන්තික වුවමනා අතර තෝරාගැනීමේ ගැටළුවකට මුහුණ දී ඇත, තෝරාගැනීමේදී විකල්ප අවස්ථාවන්වලින් වඩාත් සුදුසු විකල්පය තේරීම කළයුතු වුවත් අදායම් ව්‍යාප්ති විෂමතාවය නිසාවෙන් විවිධාකාර වූ ක්‍රය ශක්තීන් යටතේ (මිලදී ගැනීමේ හැකියාව) අවසන් විකල්පය ජීවිතය ලෙස පිළිගැනීමට මිනිසාට සිද්ධවනු ඇත.. තවද, සියලු අවශ්‍යතා සපුරාගැනීම සඳහා පවතින සම්පත් සිමා වීම තුළින් ඇතිවන "හිඟකම"නිසා  කරන කැපකිරීම් වල  වෙහෙසකර බව නිසාත්,   එක් අවශ්‍යතාවයක් ඉටුකරගත් පසු  එයින් ව්‍යුත්පන්න වූ  ආවස්ථික පිරිවැය ලෙස  කැපකළ ඊළඟට තිබු හොඳම විකල්ප අවස්ථාව  ගැන නිතර, නිතර කරන  කල්පනාව නිසාත්,  යම් අවශ්‍යතාවයක්  සපුරගැනීමෙන් පසුව ඇතිවන  හීනවන ආන්තික උපයෝගිතාවය  හේතුවෙන් මිනිසා මුහුණ දෙන  මානසික කඩාවැටීම් නිසාත්  මිනිසාගේ ඒකපුද්ගල  සංතෘෂ්ටික දර්ශකය  ක්‍රමයෙන් හීන වන  අගයක් ගනිමින් පවතියි... කුඩා කළ සිට  ක්‍රම ක්‍රමයෙන්   වෙළඳපොළ වෙත සංක්‍රමණය වන  මිනිසා... සැපයුමේ වටිනාකමට සාපේක්ෂව  ඉතා ඉහළ ඉල්ලුමක් බලාපොරොත්තුවෙන්  තම ජිවන කුසලතා  ඉහළ නැංවීමට සමත් වුවත්    වයසට යෑම  රෝගීවීම  බ...