ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
සීමිත වූ අවශ්‍යතා
සපුරාගැනීම සඳහා
යොදාගන්නා
අසීමාන්තික වුවමනා
අතර තෝරාගැනීමේ
ගැටළුවකට මුහුණ දී ඇත,
තෝරාගැනීමේදී
විකල්ප අවස්ථාවන්වලින්
වඩාත් සුදුසු විකල්පය
තේරීම කළයුතු වුවත්
අදායම් ව්‍යාප්ති
විෂමතාවය නිසාවෙන්
විවිධාකාර වූ
ක්‍රය ශක්තීන් යටතේ
(මිලදී ගැනීමේ හැකියාව)
අවසන් විකල්පය
ජීවිතය ලෙස
පිළිගැනීමට
මිනිසාට
සිද්ධවනු ඇත..
තවද,
සියලු අවශ්‍යතා සපුරාගැනීම සඳහා
පවතින සම්පත් සිමා වීම තුළින්
ඇතිවන "හිඟකම"නිසා
කරන කැපකිරීම් වල
වෙහෙසකර බව නිසාත්,
එක් අවශ්‍යතාවයක් ඉටුකරගත් පසු
එයින් ව්‍යුත්පන්න වූ
ආවස්ථික පිරිවැය ලෙස
කැපකළ ඊළඟට තිබු
හොඳම විකල්ප අවස්ථාව
ගැන නිතර, නිතර කරන
කල්පනාව නිසාත්,
යම් අවශ්‍යතාවයක්
සපුරගැනීමෙන් පසුව ඇතිවන
හීනවන ආන්තික උපයෝගිතාවය
හේතුවෙන් මිනිසා මුහුණ දෙන
මානසික කඩාවැටීම් නිසාත්
මිනිසාගේ ඒකපුද්ගල
සංතෘෂ්ටික දර්ශකය
ක්‍රමයෙන් හීන වන
අගයක් ගනිමින් පවතියි...
කුඩා කළ සිට
ක්‍රම ක්‍රමයෙන්
වෙළඳපොළ වෙත සංක්‍රමණය වන
මිනිසා...
සැපයුමේ වටිනාකමට සාපේක්ෂව
ඉතා ඉහළ ඉල්ලුමක් බලාපොරොත්තුවෙන්
තම ජිවන කුසලතා
ඉහළ නැංවීමට සමත් වුවත්
වයසට යෑම
රෝගීවීම
බලාපොරොත්තු බිඳ වැටීම
සහ ප්‍රතිවාදීන්ගේ තරඟය
ආදිය නිසාවෙන්
ජීවිතය යනු මුදල් ම නොවන
බව වටහා ගත යුතුව ඇත..
සම්පත් වල කිසිඳු
හිඟ කමක් නොමැති බවත්
එය වුවමනාවන්ගේ
අසීමාන්තික ඉහළ යාම නිසා
ඔබව නොමනා තරඟයකට ඇද දැමූ
අදෘශ්‍යමාන හස්තයක්
බවත් වටහාගන්න...
නොමනා තරඟයෙන්
ඉවත් වීමට අවැසි මිනිසා
"හිඟකම" පිටුදැකීමට
දැඩි ආශ්වාදයන් පසුපස
හඹායාම නවත්වා
ගතකරන සැහැල්ලු ජීවිතය
ඔබේ මුදල් පසුම්බියට මෙන්ම
ඔබේ සිතටද වඩා හිතකරය...
(ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට
පිළිතුරු සැපයීම සඳහා යෝග්‍ය නොවේ 😃)
ධම්මධර
Comments
Post a Comment