ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
සොබාදහම ඔබව අවදි
කිරීමට වෑයම් කරමින් සිටියි
ඔබ, සුව බර නින්දක් උදෙසා
පොරබදිමින් සිටියි.
සුව නින්ද අතරතුර
ඔබට පෙනෙන සිහින,
අමිහිරි ජිවිතය පිළිබඳ ඉඟි ලබාදෙයි.
එහෙත්,
මිල මුදල්,
ආදරණිය බැඳීම් සහ
ඔබ කැමතිම දේවල්
ඔබව අවධි නොකොට
සුව නින්දක් ලබාදීමට
උත්සාහ කරයි.
අසාර්ථක වෑයමක අවසානයේ
නියතයක් වන,
අවධි වීම සඳහා වූ සංඥාව,
සාපයක් ලෙස දකින මිනිසුන්
සෑම රාත්රියකම
බියෙන් හා සැකයෙන් නින්දට යයි.
මේ සුව නින්ද ගැන මතකය
ඔබව රිද්දවන කාලයකි,
ඔබව කූද්දන්නා
ඔබ සමීපයට පැමිණ ඇත.



Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
කිරීමට වෑයම් කරමින් සිටියි
ඔබ, සුව බර නින්දක් උදෙසා
පොරබදිමින් සිටියි.
සුව නින්ද අතරතුර
ඔබට පෙනෙන සිහින,
අමිහිරි ජිවිතය පිළිබඳ ඉඟි ලබාදෙයි.
එහෙත්,
මිල මුදල්,
ආදරණිය බැඳීම් සහ
ඔබ කැමතිම දේවල්
ඔබව අවධි නොකොට
සුව නින්දක් ලබාදීමට
උත්සාහ කරයි.
අසාර්ථක වෑයමක අවසානයේ
නියතයක් වන,
අවධි වීම සඳහා වූ සංඥාව,
සාපයක් ලෙස දකින මිනිසුන්
සෑම රාත්රියකම
බියෙන් හා සැකයෙන් නින්දට යයි.
මේ සුව නින්ද ගැන මතකය
ඔබව රිද්දවන කාලයකි,
ඔබව කූද්දන්නා
ඔබ සමීපයට පැමිණ ඇත.
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual

Comments
Post a Comment