Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

අද්දැකීම

 


අද්දැකීම වේදනාකාරි වෙන්නෙ 
අපි අපේ කියල හිතපු ප්රතිශතයත් එක්ක, 
ජීවිතේම කාලකන්නී කියල දැනෙන්නෙ 
තමන්ටම කියල පෙන්නන්න දෙයක් නැ කියල හිතනකොට..

ඒ කාලකණ්නී හැඟීම අස්සෙ තියෙන්නෙ
ලෝකයට එරෙහි වෛරයේ ගිනි පුපුරු..
තමන්ගේ නොහැකියාව තමන්වම රිද්දවනවා, මොකද අනුන් වෙනුවෙන් කරන වෛරය අවසානයේ රිදවා ගනුයේ තමන්..

මට නෑ, එයාට තියනවා කියල හිතෙනකොට, 
තියෙයි කියල හිතපු මිනිස්සුන්ට 
සවන් දෙන්න..

තමන්ට නැතිවීම ප්රශ්ණයක් වගේම
ඔවුන්ට තිබීමත් ප්රශ්නයක් , 
ජීවිතය දෙස බලන්න 
එය නොවිසඳුණු ගැටලුවක්.. 
හඹාගෙන යෑමේ කෙලවරක් දකින්න බෑ.
ඔබ නිගමනයකට එන්න..
නැතිබවට සහ ඇතිබවට එහායින්
ඔබ සොයන්නෙ සතුට වග..

✍️✍️
Bhikkhu Dhamma Dhara 

#ddhara #spiritual 



Comments