Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

රඟ මඬල


රඟ මඬලට සමුදෙන්න 
අවසාන ගමනට සැරසෙන්න
ගතම වෙවුලන හීතලට 
උණුසුමක් වී දැවටෙන්න..

ජීවිතය පිටු පෙරළන්න..
තනිකමට හුරුවෙන්න
කාලය මගහැර යන්න
නිවුණු මනසින් දකින්න

කඳුළු බිඳු දියකර මහ වැව් තනන්න.. 
ජිවිතය ඔරුව ගෙන ඒ මතම පැදයන්න..
දිනිසුරු දියවූ දිය රළ පා ගන්න 
රෑ බෝ වීම රැහැයිගෙන් අසන්න 

සෙවණැලිත් පණ ලබන හුළුඅත්ත දල්වන්න..
කරුවලේ ගමන දැන් නිවහනට ගොඩවන්න
සුපුරුදුම සුව යහන පන් පැඳුර අතුරන්න
ජීවිතය සිහිනයකි පාන්දරම බුදුවන්න

#ddhara 
✍️ Bhikkhu Dhamma Dhara 



 

Comments

Popular posts from this blog

අපිට යන්න වෙන වෙනම පාරවල් පවතිනවා

අපිට යන්න වෙන වෙනම  පාරවල් පවතිනවා  තමන් යන්නේ තමන්ට අයිති මාර්ගයක  ඇතැම් වෙලාවට  තවත් අය එකතුකරන්  තමන්ගේ ගමනය යන්න අපි  උත්සාහ කළත්,  ඒක සාර්ථක එකක් වෙන්නේ නැ  මොකද ඒ හැමතැනකම තියෙන්නේ  එකිනෙකාගේ පෞද්ගලික ඉලක්ක.. ඒ හැම එකක්ම සමාන වෙන්නේ  ආරම්භයේ දී පමණයි..  ඒ නිසා තමයි ආපසු හැරිලා බැලුවම  සියලු හිමිවීම් සහ හමුවීම්  අද අප සමීපයේ නොපවතින්නේ,  එවැනි තත්වයක්   දැන් නොවුණත් හෙටදිනයේ හෝ එළඹීම  ස්වාභාවිකයි.. ඔබට හමුවෙන ඕනෑම දෙයක්  ඔබෙන් සමුගැනීමට නියමිතයි  ඒක නියතයක්  ඔවුන් ඔබව හමුවීමට  ඔබේ නිවසේ ගේට්ටුව අසල රැඳී සිට  අවසරයෙන් ඇතුල්වන අතර  ඔවුන් පිටව යාමට කිසිදිනක ඔබේ අවසරය නොවිමසයි. එබැවින් ඇතුළ් වූ පසුවත්   ගේට්ටුව විවෘත කොටම තබන්න  ඒ තුළින් අපට ලෝකය දැකිය හැකියි.. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

සුව නින්ද

සොබාදහම ඔබව අවදි  කිරීමට වෑයම් කරමින් සිටියි  ඔබ, සුව බර නින්දක් උදෙසා  පොරබදිමින් සිටියි. සුව නින්ද අතරතුර  ඔබට පෙනෙන සිහින,  අමිහිරි ජිවිතය පිළිබඳ ඉඟි ලබාදෙයි. එහෙත්,   මිල මුදල්,  ආදරණිය බැඳීම් සහ  ඔබ කැමතිම දේවල්  ඔබව අවධි නොකොට  සුව නින්දක් ලබාදීමට  උත්සාහ කරයි. අසාර්ථක වෑයමක අවසානයේ  නියතයක් වන, අවධි වීම සඳහා වූ සංඥාව,  සාපයක් ලෙස දකින මිනිසුන්  සෑම රාත් ‍ රියකම  බියෙන් හා සැකයෙන් නින්දට යයි. මේ සුව නින්ද ගැන මතකය  ඔබව රිද්දවන කාලයකි, ඔබව කූද්දන්නා  ඔබ සමීපයට පැමිණ ඇත. Bhikkhu Dhamma Dhara   #ddhara   #spiritual    

ඔහු ඉවසිලිවන්තයි..

  මාව සොයාගෙන කෙනෙක් ඇවිත්  ඒත් මම දැනගෙන හිටියේ නෑ  ඔහු මා සමඟ වාඩිවෙලා ඉඳල  මාත් එක්ක තේ බීලා, ඔහුට මා හමු වුණාට  මට කිසි දවසක ඔහුව මුණගැසී තිබුනේ නෑ  ඇත්තටම මම ඔහු ගැන අහල තිබුනට  මා සොයා ඔහු එන බවක් මා විශ්වාස කළේ නෑ,  එතරම් ම, මම අනෙක් දේවල් විශ්වාස කළා  මම ඔහු ගැන අමතක කර දැම්මේ  ඇයිද කියා හෝ මට මතකයක් නෑ  මගේ ඇස්..  ඒ තරම් ම විසිතුරු ලෝකයක  මාව අතරමං කළා..  හැබැයි, ඒ විසිතුරු වර්ණ අස්සේ  ඔහු සැඟවෙලා ඉඳලා  ඒ නිසයි ඒවා එතරම් ලස්සන  ඔහුට එන්න තියෙන පාරවල්  සේරම වහල, මම මගේ ලෝකේ  වර්ණවත් කළා.. ඔහු කවමදාකවත් ඒවා නවත්තන්න  උත්සාහ කරලා නෑ.. මගේ දරාගැනීමේ උපරිමය වෙනකල් ඉන්න  ඔහු ඉවසිලිවන්තයි.. ඔහු හැම වෙලාවේම මට වඩා පියවරක්  ඉදිරියෙන් ඉඳල, මගේ සියලු ජයග් ‍ රහණවල අයිති කරු ඔහු.. හැම විටම ඒ ජයග් ‍ රහණවල පරාජිතයා මම..  මම හිනාවුණ හැම මොහොතකම  ඔහු අඬන්න ඇති, මම හඬාවැටුණ හෑම දවසකම  ඔහු හිනා වෙන්න ඇති.. ඔහුගේ එම භාෂාව  අපව සැණෙකින් නවතා දමනවා.. ඔහුගේ හමුවීම  ඔහ...