ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
පහසුවෙන් රැවටීමට මිස
පහසුවෙන් තේරුම්ගැනීමට නොහැකි ලෙස
නිර්මාණය වූ මේ ලෝකය තුළ
යමෙක් සුපිරිසිදු වූ යමක්
සොයන්නේද ඔහුට දුශ්කර වූ ඉරණමකට
මුහුණ දීමට සිදුවනු ඇත.
සෑම තැනකම සුපිරිසිදු ලෙස නොව
මිශ්ර වීමක් ඔබට දකින්නට සහ අසන්නට හැකිය.
සුපිරිසිදු ඇසීමකට හඬක් නොපවතින අතර
සුපිරිසිදු දැකීමකට රූපයක් පෙන්විය නොහැකිය.
සෑම තැනකම ඔබ දකිනුයේ සහ අසනුයේ
අපිරිසිදු බවයි.
ලෝකය මිශ්ර වීමක ප්රතිඵලයකි.
ඔබ දකින මිරිඟුව ද එවැනිය..
ඉන් ඔබ්බට ඔබට ගමන් කිරීමට අවැසිනම්
සුපිරිසිදු බව නොව අපිරිසිදු වීම
පිළිබඳ ගවේෂණය ආරම්භ කරන්න..
පිරිසිදු ලෙසින් ඔබ
දකින අසන විඳින සෑම දෙයක්ම
අපිරිසිදු වග මතක තබා ගන්න,
එලෙසම සැබෑ පාරිශුද්ධත්වය
සඳහා ඉඟිය
ඒ තුළම සඟවා ඇති බැවින්
එය ප්රතික්ශේපද නොකරන්න..
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
පහසුවෙන් තේරුම්ගැනීමට නොහැකි ලෙස
නිර්මාණය වූ මේ ලෝකය තුළ
යමෙක් සුපිරිසිදු වූ යමක්
සොයන්නේද ඔහුට දුශ්කර වූ ඉරණමකට
මුහුණ දීමට සිදුවනු ඇත.
සෑම තැනකම සුපිරිසිදු ලෙස නොව
මිශ්ර වීමක් ඔබට දකින්නට සහ අසන්නට හැකිය.
සුපිරිසිදු ඇසීමකට හඬක් නොපවතින අතර
සුපිරිසිදු දැකීමකට රූපයක් පෙන්විය නොහැකිය.
සෑම තැනකම ඔබ දකිනුයේ සහ අසනුයේ
අපිරිසිදු බවයි.
ලෝකය මිශ්ර වීමක ප්රතිඵලයකි.
ඔබ දකින මිරිඟුව ද එවැනිය..
ඉන් ඔබ්බට ඔබට ගමන් කිරීමට අවැසිනම්
සුපිරිසිදු බව නොව අපිරිසිදු වීම
පිළිබඳ ගවේෂණය ආරම්භ කරන්න..
පිරිසිදු ලෙසින් ඔබ
දකින අසන විඳින සෑම දෙයක්ම
අපිරිසිදු වග මතක තබා ගන්න,
එලෙසම සැබෑ පාරිශුද්ධත්වය
සඳහා ඉඟිය
ඒ තුළම සඟවා ඇති බැවින්
එය ප්රතික්ශේපද නොකරන්න..
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual

Comments
Post a Comment