ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
උදේම කා බී, මඩ කමිසය හැද,
මඩ සරම කැහිපොට ගහගත් ඔහු
උදැල්ල උරමත තුළිත කරගත් වනම
වක් පිහියද අනෙක් අතින් ගෙන,
සුරුට්ටුවක් බීගෙනම
කුඹුරට ගියේය.
අප්පච්චි ගිය ගමන් අහල පහළ
ගසකට නැඟගත් මම
මිඳුලට බර කොළ අතු කඩා දමමින්
අම්මගේ පුරුදු ගෝරනාඩුවට
ආරම්භය ලබා දුන්නෙමි.
ගහෙන් බහින තුරු අහවරක් නොවන කියවීම
කනකට නොගන්නා මම,
අප්පච්චි එනතුරුම ගෙදර රජා වීමි..
ගස් බඩගෑ නිසාවෙන්ම,
හතර හංදිය ඉරී ගිය කලිසම නිසා
අක්කාගේ උසුළු විසුළු නොයිවසන මම,
ඇගේ කොන්ඩෙන් ඇද අරඹන පොරය නිසා
අප්පච්චි පැමිණිවිට මා වරදකරු වන්නේ
නඩු විභාගයකින් තොරවමය.
හොඳ හැටි ගුටි කා නමුත්
නොහඬා රැකගත් ආත්ම ගෞරවය
ලොකු අක්කාගේ අනුකම්පාව නිසාම
කඳුළු කොට බිම හලන්නේ
මහත් වේදනාවකිනි.
හැඬීම අවසන් කොට
හිතේ තරහ අකමැත්තෙන් නමුත් නිවාගන්නා මම
යළිත් පණ ලබන්නේ මහ වැස්සකින් පසු
තුරුපත් හිනැහෙන්නා සේය.
ඉක්බිතිව තනිකමට ඇලුම්කරන මම
වත්තෙහි එහෙ මෙහෙ ඇවිදිමින් හිඳ
ඉතාම නිහඬ පිළිවෙතක් ඔස්සේ
යළිත් සහෝදර සමාගමය හා එක්වන්නේ
මටත් නොදැනීමය..
—---------------------------------------
අප කවුරුත් තනිකම ප්රිය කරන අතර
තනිකම තුළ අප බොහෝ ශක්තිමත්ව විසුවෙමු.
එහෙත් තනිකම හැරදා
අන් අය මත යැපිමේ ආරම්භය
වේදනාවට යළිත් ආමන්ත්රණය කිරීමක් වැනිය.



Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual
මඩ සරම කැහිපොට ගහගත් ඔහු
උදැල්ල උරමත තුළිත කරගත් වනම
වක් පිහියද අනෙක් අතින් ගෙන,
සුරුට්ටුවක් බීගෙනම
කුඹුරට ගියේය.
අප්පච්චි ගිය ගමන් අහල පහළ
ගසකට නැඟගත් මම
මිඳුලට බර කොළ අතු කඩා දමමින්
අම්මගේ පුරුදු ගෝරනාඩුවට
ආරම්භය ලබා දුන්නෙමි.
ගහෙන් බහින තුරු අහවරක් නොවන කියවීම
කනකට නොගන්නා මම,
අප්පච්චි එනතුරුම ගෙදර රජා වීමි..
ගස් බඩගෑ නිසාවෙන්ම,
හතර හංදිය ඉරී ගිය කලිසම නිසා
අක්කාගේ උසුළු විසුළු නොයිවසන මම,
ඇගේ කොන්ඩෙන් ඇද අරඹන පොරය නිසා
අප්පච්චි පැමිණිවිට මා වරදකරු වන්නේ
නඩු විභාගයකින් තොරවමය.
හොඳ හැටි ගුටි කා නමුත්
නොහඬා රැකගත් ආත්ම ගෞරවය
ලොකු අක්කාගේ අනුකම්පාව නිසාම
කඳුළු කොට බිම හලන්නේ
මහත් වේදනාවකිනි.
හැඬීම අවසන් කොට
හිතේ තරහ අකමැත්තෙන් නමුත් නිවාගන්නා මම
යළිත් පණ ලබන්නේ මහ වැස්සකින් පසු
තුරුපත් හිනැහෙන්නා සේය.
ඉක්බිතිව තනිකමට ඇලුම්කරන මම
වත්තෙහි එහෙ මෙහෙ ඇවිදිමින් හිඳ
ඉතාම නිහඬ පිළිවෙතක් ඔස්සේ
යළිත් සහෝදර සමාගමය හා එක්වන්නේ
මටත් නොදැනීමය..
—---------------------------------------
අප කවුරුත් තනිකම ප්රිය කරන අතර
තනිකම තුළ අප බොහෝ ශක්තිමත්ව විසුවෙමු.
එහෙත් තනිකම හැරදා
අන් අය මත යැපිමේ ආරම්භය
වේදනාවට යළිත් ආමන්ත්රණය කිරීමක් වැනිය.
Bhikkhu Dhamma Dhara
#ddhara #spiritual

Comments
Post a Comment