Skip to main content

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

කාලයට පාටක් නෑ

 


කාලයට පාටක් නෑ 
කාලයට දිගක් පළලක් නෑ 
කාලයට හිතක් පපුවක් නෑ 
කාලයට අරමුණක් නෑ 

මොකක් හරි වුණාම 
දරාගන්නම බැරිව, 
හැමෝටම කියල,
හැමෝගෙන්ම අහල,
දෙවියන්ටත් කියල, 
අන්තිමේදී කාලයට භාරදෙනවා 

කාලය අපෙන් දේවල් 
අමතක කරනවා වගේම 
අපට දේවල් මතක් කරලත් දෙනවා 

කාලය කියන්නේ මායාවක් 
ඒ වගේම මයා කාරයෙක් 
එයාගේ මායවට අහුවුණ මිනිසුන් 
එයා ඉදිරියේම යම් දවසක 
පාපොච්චාරණය කරනවා,
කාලය විසින්ම ඒවාට 
දඬුවම් නියම කරනවා 

ඔබ නොදැනුවත්වම  
මායාකරු ඔබ පසුපසමයි, 
දඬුවමින් නිදහස් වීම සඳහා 
ඔහුගෙන් මිදී යනවා වෙනුවට 
ඔහු දෙසට යන්න පටන්ගන්න 
ඔහුව සාදරයෙන් පිළිගන්න.
ඔහුව අතික්රමණය කිරීම නම් 
ඔහුව පිළිගැනීමයි..

කාලය අපි කාගේත් මිතුරෙක් 
හොඳ කාල , නරක කාල 
ජීවිතේට ආවම ගොඩක් අයට 
මතක් වෙන්නේ වෙන වෙන කාලවල්,
ටික වෙලාවකට කාලෙන් රිංගන්න
පුළුවන් වුණාට,
ජීවිත කාලයටම 
ඒක උත්තරයක් නෙමෙයි..

✍️✍️✍️
Bhikkhu Dhamma Dhara 

Comments