ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
"දෛවෝපගත සිද්ධි" අපට යමක් තේරුම් කරවන්න වෑයම් කරනවා.. පුංචි කාලේ අම්මත් එක්ක රණ්ඩු වුණේ කොහොමහරි සබන්බෝල පිඹින එකක් ගන්න... නොහැකියාව, දුපත්කම හින්දම වෙළෙන්දා පහුකරන් ආවත්, කවදා හරි ඒකක් ගත්තම ලැබෙන ආස්වාදය හිතින් අයින් කරන්න පොඩි එකෙක් කැමති වෙන්නේ නෑ.. ඒත්, කාලයත් එක්ක ඒ දුප්පත්කම නිසාම දවසක ඔහු සබන් බෝල පිඹින ඒවා ගොඩක අයිතිකාරයෙක් වෙනවා, හැබැයි, ඒවා පිඹල දැන් සතුටු වෙන්නතරම් ඔහු පුංචි නැහැ. ඒවා විකුණන එක ඔහුගේ ජීවිකාව වෙලා.. පොඩි හරි සතුටක් තියෙන්නේ එකක් හරි වැඩිපුර විකුනගත්තොත් විතරයි. කාලයත් එක්ක අරමුණු වෙනස් වීගෙන යනවා, කළින් අපේක්ෂාවන් දැන් ජීවිතය වෙනකොට ඒක විඳින මානසිකත්වයක් මිනිස්සු තුළ පවතින්නේ නැ. අවශ්‍යතාවයක් නැති වෙලාවට අපට මොන දේ ලැබුණත් ඒකෙ වටිනාකමක් නැ.. කෝටි ගණනක මුදල් ලැබුණත් තේරුමක් නෑ.. ඒවාට හුවමාරු කරගන්න බඩු භාණ්ඩ කඩවල් වල නැතිනම්. ඒ සල්ලිවල වටිනාකම බිංදුවයි. අපේක්ශාවාන් හා ආශාවන් නිසා වටිනාකම් නිර්මාණය වෙනවා, එලෙසම වටිනාකම් නිසා අපේක්ශාවන්ද නිර්මාණය වෙනවා, ඒ නිසා මිනිස්සුන්ට ඒ පසුපස දුවන්න වෙනවා. කාලයත් එක්ක අරමුණු, අපේක්ෂාවන්...