ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අල්පේච්ඡ බව ලෝකෙට පෙන්නන්න සෙරෙප්පු කබල් දෙකක් දමාගෙන, ඉරුනු සිවුරු පොරවමින් , රැවුල් කොන්ඩා වවාගෙන වන වැදිලා හිටියත්, ඒ මිනිසුන්ගේ සිත් තුළ තෘශ්ණාව අධික වෙන්න පුලුවන්, තෘශ්ණාව සැඟවී පවතින්නේ වෙලාව එනකල්, අවස්ථාව ආපු ගමන් සිතේ ස්භාවය එළියට එනවා, ඒත් අල්පේච්ඡ කියන්නේ එහෙම ජීවිතයකට නොවෙයි, නොබැඳී සිටීම තුළ අල්පේච්ඡ බව පවතිනවා, සත්‍ය කුමක් උවත්, සමාජයේ ඉල්ලුමක් තියෙන්නේ පෙන්නන්න දඟලන අල්පේච්ඡ තාවයට, ඉතින් ඒක දන්න බොහෝ දෙනා අල්පේච්ඡ ජීවිතය පෙන්නලා i phone එකෙන් ඩයලොග් එක හරහා ටවුන් එක හා සම්බන්ධ වෙනවා ඉතිං ඒක කාටවත් පෙන්නේ නෑනේ. ඉන්නේ කැලේ, එයාලා අල්පේච්ඡයි.. මුළු මහත් සමාජයම නමස්කාර කරන්නේ ඒකට.. ඒ ඔවුන්ගේ නොදැනුවත්කම කෝටි ගණනක් සල්ලි බැංකු පොතක දාල ඒ පොත දිහා බලල සතුටුවෙන මිනිස්සු කොච්චර නම් ඇද්ද? ඒ සතුට තියෙන්නේ ඇතැයි කියල හිතන මානසික බැඳීම නිසා.. එහෙම සතුටු වෙච්ච මිනිස්සු පහුගියකාලේ ETI බංකොලොත් උනාම විඳවපු විඳවිල්ල හැමෝම දකින්න ඇති . ඉලක්කම් ටිකකට ඔවුන් සතුටු කරන්න පුළුවන් ඒ වගේම දුකට පත් කරන්නත් පුළුවන් ඒකට බැංකුවේ සල්ලි තියෙන්නම ඕන කියල එකක් නෑ.. මල විකාර භෞ...