ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
අපිට හැමදාම සත්‍ය කියන්නේ අපිත් එක්ක, එකම රේස් එක දුවන මිනිහෙක් නෙමෙයි, රේස් එක දුවනවා කියල, අපට පෙන්වලා නැවතිලා ඉන්න මිනිහෙක්, ඔහු කළ අසීමිත කැපකිරීම ඔබ කවදා හෝ දැනගත යුතුමයි, එහෙත් එම කැපකිරීම ඔබ වටහාගන්නා දිනට ඔබට, ඔහු වෙනුවෙන් ස්තූතී ගායනා කළ නොහැක, ඒ ඔබේ ගුරුවරයායි, ඔහු නොදකින දේ ඔබට කියනු ඇත, ඔහු නොඅසන දේ ඔබට කියනු ඇත, එතුළින් ඔබේ මාර්ගය වැටී ඇත. එතැනට ගමන් කළ විට ඔහු එතන නැත, ඔහු නොදැක්ක සහ නොඇසූ දේ ඔබ දකිනු හා අසනු ඇත.... 🙏 නමඃ සර්වතෝභද්‍රං ධම්මධර