Skip to main content

Posts

Showing posts from June, 2022

රහස් දොර

ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual

මතකය

මතකය තුළ අපි ජිවත් වෙනවා  ඒ මතකය තුළ අපි දුවනවා. ඒකට භෞතික සීමාවන් අදාළ වෙන්නේ නැ  කලින් ඇත්ත හෝ බොරු කියල  අපි දාගත්ත දේවල්  තමයි මතකය තුළ පවතින්නේ  එහෙම බැලුවම මතකය කියන්නේ  සාපේක්ෂව සංවර්ධනය වෙච්ච බොරුවක්  වෙලා ඉවර සිද්ධියකට  අපිට තරහ එන්න පුළුවන් , තනියම පසුතැවෙන්නත් පුළුවන්, බාහිර කාරණා තමන් ඉදිරියේ සජීවීව  පවතිනවද, නැද්ද කියන එක සිතට අදාළම නැහැ.  හිතට අපිට රිද්දන්න මතකය ඇති.  ඒ වගේම තමයි සතුටු වෙන්නත්. අපි සතුටට පත්වෙන්නේ සිතුවිලිත් එක්ක  දුකට පත්වෙන්නේත් සිතුවිලිත් එක්ක  බාහිර ලෝකයෙන් වෙන් වූ අභ්‍යන්තර ලෝකයක්  හැම කෙනෙක්ටම පවතිනවා.  ඒක මතකය ඇසුරු කරගෙන පවතිනවා.  ඒ මතකය දැඩි එකක් වෙනකොට තමයි  අභ්‍යන්තර ලෝකයට සාපේක්ෂව  භාහිර ලෝකය වෙනස් කරන්න  අපි ගොඩක් මහන්සි වෙන්නේ.  ඒ නිසාම ආයෙත් අපේ අභ්‍යන්තර ලෝකය  විඳවන්න පටන් ගන්නවා  ඒක තමයි කෙලවරක් නැති  සසර... ✍️✍️✍️ Bhikkhu Dhamma Dhara  #ddhara #spiritual