ආදරණිය වෙලා තරහ අරගෙන පසුව, සංවේදී වෙලා හැමෝම හොයන්නේ නැතිවුණ යමක්.. නොරිස්සුම් එක්ක හැප්පෙනකොට අපට මගහැරෙන දේ අපි හොයපු එක හදිස්සි වෙන හැම මොහොතකම අපිට හමුවෙන්නේ නොගැළපෙන දේ.. ඒ නිසා ඉක්මන් වෙන්න එපා.. තවෙකක් ගළපගන්න කරන වෑයම තනිකමින් කෙළවර වෙනවා. මට ගැළපෙන එකම කෙනා "මම" "මම" අඳුනගන්න ඒ තමයි මගෙ ගැලවීම මේ රහස් දොරේ යතුර "මම" ම තමයි. වෙන කවුරුත් නෙමෙයි.. 🖋️Bhikkhu Dhamma Dhara #ddhara #spiritual
ප්රශ්නයක් කියන්නේ හුදෙක් ප්රශ්නයක්ම නෙමෙයි, ප්රශ්නයක් කියන්නේ අපේ අරමුණ සාක්ෂාත් කරන්න පුළුවන් වෙනත් මානයක්, හැබැයි, ඒකට උත්තරයක් දීලා ප්රශ්නේ ටිකකට වහල දාන්න පුළුවන් අපිට.. උත්තරය කියන්නේ කලබලකාරී සිතේ බලකිරීමක ප්රතිඵලයක්.. කැළඹුණු සිතක පිළිතුර සිත නිවී ගියපසු අහෝසි වෙයි. එබැවින්, සිත නිවෙන තෙක් ප්රශ්නය දෙස සාමකාමිව බලන්න, එවිට ප්රශ්නය අහෝසි වී යයි.. ✍️✍️✍️ Bhikkhu Dhamma Dhara #DDhara #spiritual